(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ස්වයං නිරෝධායන ව්‍යාජ දුරකතන ඇමතුමක් නිසා දිනක් ස්වයං නිරෝධායනයට ලක්වූ පවුලක් පිළිබඳව අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ.

ඔහු නගරයේ වෙළෙඳ සලකට ගියේ නිවෙසට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීම සඳහාය. වෙළෙඳ සලට ඇතුළුවීමට පෙර දෑත් සෝදාගත් ඔහු වෙළෙඳ සලේ තබා තිබූ පොතේ සිය වංහුං ලිව්වේ කොරෝනා මර්දන නීතියක් නිසාය. ඊට අනුගත වෙමින් සිය ජංගම දුරකතනයේ අංකයද ලිවීමටද අමතක නොකළේය. ගිය වෙළෙඳ සලේ යහමින් සෙනග සිටියේ එම වෙළෙඳ සලේ බඩු මිල ඉතා අඩු බව ගැමියන් අතර තිබු මතය නිසාමය.
වෙළෙඳ සලට ගොස් අවශ්‍ය කළමනා මිලදී ගෙන නිවෙසට ගිය ඔහුත් බිරියත් සමග ඒවා අස්පස් කරමින් සිටියෝය. ඒ නිසාම ඔහුට රෑබෝවෙන වගක්වත් නොදැනුණේය. මෙසේ සිටින අතරවාරයේදී ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණේය.
එයින් තමා අසවල් මහජන සෞඛ්‍ය පරීක්ෂක යයි හඳුන්වා දුන් කෙනෙකු ඔහුට කතා කළේය. ඔහු ගිය වේලාවටම නගරයේ වෙළෙඳසලට කොරෝනා ආසාදිතයකු පැමිණ ඇති බවත් මේ නිසා ඔහු සහ ඔහුගේ පවුලේ අය මේ මොහොතේ සිට ස්වයං නීරෝධායනයේ යෙදිය යුතු බවත් එම දුරකතන ඇමතුමෙන් කීවේය.
මේ සමගම කලබල වූ ඔහු මේ ආරංචිය සිය බිරියටත් කීවේය. කලබල වූ බිරිය වැඩේ හතර අතටම වැනුවාය. මෙය සත්‍යයක් දැයි සොයා බැලීමට ඔහු නගරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දුරකතන ඇමතුමක් ගත්තේය.
රෑ බෝවී තිබූ නිසා එම කාර්යාලයද වසා දමා තිබිණ. තමා ගිය නගරයේ වෙළෙඳ සල පිළිබඳව සිය මිතුරකු ලවාද සොයා බැලුවේය. වෙනදා රාත්‍රිය වන තෙක් විවෘතව තිබූ තමා ගිය වෙළෙඳ සල එදා වේලාසනින්ම වසා දමා ඇති බව මිතුරා මාර්ගයෙන් දනගත් ඔහු දුරකතන ඇමතුම හරි යයි සිතුවේය.
ඒ තමා ගිය වෙළෙඳ සලේ ඒ වේලාවේ සිට ජනතාව ඔහුගේ සිහියට නැගුණේය. ඇත්තටම එහි කෙරෝනා ආසාදිතයෙක් ඉන්න ඇතැයි ද ඔහු සිතුවේය. එම වෙළෙඳ සලට ගොස් තමා දෑත් නොසෝදා නිවසට පැමිණි අයුරුත් වෙළෙඳ සලෙන් මිලදීගත් භාණ්ඩ බිරිය සමග අස්පස් කළ අයුරුත් සිහිපත් වූ ඔහුට දෙවියන් බුදුන් සිහි විය.
කොරෝනා භීතිකාවෙන් රාත්‍රියේ නින්දට ගිය ඔහු සිහිනෙන් පවා දුටුවේ තමාට කොරෝනා වැළඳී ගිලන් රථයක් නිවෙසට ඇවිත් රැගෙන යන අයුරුය.
කොරෝනා භීතිකාවෙන් පසුදින අවදි වූ ඔහු රාජකාරි ස්ථානයේ ප්‍රධානියාටද මේ වග දන්වා ස්වයං නිරෝධායනයට ලක ලැහැස්ති වෙමින් සිටියේ නිවසේ සෙසු අය සමගය. මේ අතරවාරයේ නගරයේ වෙසෙන මිතුරාගෙන් ලැබුණු දුරකතන ඇමතුමෙන් කියැවුණේ ඔහු ගිය වෙළෙඳ සල උදේ විවෘත කර ඇති බවත් පෙර දින කොරෝනා ආසාදිතයකු එම වෙළෙඳ සලට පැමිණ ඇති බව බොරුවක් බවත්ය.
තමා ගිය නගරයේ වෙළෙඳ සලේ තබා තිබු පොතේ තමාගේ දුරකතන අංකය ලියු බව මතක් වූ විට කවුරුන් හෝ දුන් ව්‍යාජ ලණුවක් ගිල දමා ඇති බව ඔහු දැන ගන්නාවිටත් වැඩේ දුරදිග ගොස් හමාරය.
2025 දෙසැම්බර් මස 04
668
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
547
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා ලණුවකට පවුලක්ම අහුවෙලා
nimal Wednesday, 09 December 2020 06:11 AM
මේ වගේ දේවල් කරන්න එපා
nimal Wednesday, 09 December 2020 10:36 AM
මෙය විහිලුවට කරුණක් නොව..., මෙය ව්‍යාජ දුරකථන ඇමතුම දුන් තැනැත්තා කරන ලද අමනකමකි. මෙවැනි අය අත්අඩංගුවට ගෙන සිර ගත කල යුතුයි.
asanka Wednesday, 09 December 2020 12:07 PM
මෙය ලණුවක් නොව, මෙය දුරකතනයට ඇමතුමක් දුන් තැනැත්තා විසින් කරන ලද අමනකමකි. මේ අනතුරුදායක අවස්ථාවේ මෙවැනි අමනකම් කරන්නට තවත් අය මේ රටේ ඕනෑතරම් සිටින බැවින් මෙවා පලකරන්නටත් සුදුසු නොවෙ..