නැගණිය දෙනවානම් දෑවැද්ද අවශ්‍ය නැති බව කී තරුණයෙක් පිළිබඳ පුවතකි.
ඔහු සුළු ව්‍යාපාරයක් කරගෙන යන තරුණයෙකි. ලොකු දෑවැද්දක් සමග විවාහයක් කරගෙන තම ව්‍යාපාරය දියුණුකර ගැනීම ඔහුගේ සැලසුම වී තිබිණි. මේ සඳහා මඟුල් කපුවෙකුගේ සේවය ලබාගෙන තිබේ. කීප පලකින්ම යෝජනා ඉදිරිපත්වූ නමුත් අකමැති වූයේ බලාපොරොත්තු පරිදි දෑවැද්ද ප්‍රමාණවත් නොවූ බැවිනි.
මේ අතර නිවෙසක තරුණියක් දීග දීමට ප්‍රමාද වී තිබුණේ ඇය රූමත් නොවීමත් වයස වැඩිවීමත් නිසාය. ලොකු දෑවැද්දක් සමග ඇය විවාහ කර දීමට මවුපියන් තීරණය කර තිබුණේ බාල නැගණියගේ විවාහයත් ප්‍රමාදවන නිසාය. මේ ගැන දැනගත් මඟුල් කපුවා එම යෝජනාව පෙරකී තරුණයාට ඉදිරිපත් කළේ දෑවැද්ද ගැන ද සඳහන් කරමිනි. තමා හිතුවාටත් වඩා දෑවැද්ද ගැන දැනගත් තරුණයා එක පයින් යෝජනවට කැමති විය.
නියම කරගත් දින මනාලිය බැලීමට ගිය පිරිසට සංග්‍රහ කිරීමට ඉදිරිපත්ව සිටියේ බාල නැගණියයි. ඇය රූමත් තරුණියකි. ඇය දුටු මනාලයාට දෑවැද්ද අමතක විය. කපුවාගේ කණට කර කීවේ දෑවැද්ද අවශ්‍ය නැත. නැගණිය බඳින්නට කැමතිය කියාය. මේ බව දැන්වීමට පසුදින එම නිවසට ගිය කපුවා, පියාගෙන් ගුටි නොකා බේරී ඇත්තේ වේගයෙන් දිවීමට හැකිවී තිබුණ නිසාලු.
(බළන්ගොඩ නන්දසේන පිනිදියආරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහසක් ප්‍රකාශ කිරීම ගුටිකෑමට තරම් දරුණු හේතුවක්ද? (නි)
සමහරවිට අර පරණ කියමන අනුව අක්කා දෙන්න නංගි පෙන්නන්න ඇති. (නි)
මේ ගෙදරින් විවාහයක් කර නොගත්ත ඒකමයි හොද මේ ළමයා ගෙදරට නාකි වෙලා ඉන්නෙත් එයාගේ තාත්තලගේ වැඩ නිසා. (ර)
මම නම් දෑවැද්ද නොවෙයි, නංගි ලස්සන නම් කොහොමහරි බඳිනවා (නි)
සමහරුන්ට දෑවැද්ද දෙනවා නම් යන්තම් නාඩි වැටෙන ආච්චි කෙනෙක් වුණත් කමක් නැහැ. (නි)
මම නම් අක්කව බඳිනවා (නි)
මේ දෙමවුපියන්ට තිබුණේ මංගල කටයුත්ත අවසන් වෙනකම් පැය කීපෙකට හරි පවුලේ ලස්සන සුන්දරම කෙල්ල ඇතුළේ කාමරයක සිරඅඩස්සියට පත්කරන්නනේ. එහෙනම් මේ අවනඩුව වෙන්නේ නැහැනේ (නි)
මම නම් දෙන්නම බඳිනවා (නි)
අර ටිවී එකේ ඇඩ් දානවා වගේ එකක් ගතහොත් අනිත් එක ෆ්‍රී දුන්නම් හරි නේ... (ර)
මුට්ටිය දාන්න කලින්ම බෙල්ල ගිහින් වගේ. (ර)