IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කපුවා කපෝති

නැගණිය දෙනවානම් දෑවැද්ද අවශ්‍ය නැති බව කී තරුණයෙක්  පිළිබඳ පුවතකි.


ඔහු සුළු ව්‍යාපාරයක් කරගෙන යන තරුණයෙකි. ලොකු දෑවැද්දක් සමග විවාහයක් කරගෙන තම ව්‍යාපාරය දියුණුකර ගැනීම ඔහුගේ සැලසුම වී තිබිණි. මේ සඳහා මඟුල් කපුවෙකුගේ සේවය ලබාගෙන තිබේ. කීප පලකින්ම යෝජනා ඉදිරිපත්වූ නමුත් අකමැති වූයේ බලාපොරොත්තු පරිදි දෑවැද්ද ප්‍රමාණවත් නොවූ බැවිනි. 


මේ අතර නිවෙසක තරුණියක් දීග දීමට ප්‍රමාද වී  තිබුණේ ඇය රූමත් නොවීමත් වයස වැඩිවීමත් නිසාය. ලොකු දෑවැද්දක් සමග ඇය විවාහ කර දීමට මවුපියන් තීරණය කර තිබුණේ බාල නැගණියගේ විවාහයත් ප්‍රමාදවන නිසාය. මේ ගැන දැනගත් මඟුල් කපුවා එම යෝජනාව පෙරකී තරුණයාට ඉදිරිපත් කළේ දෑවැද්ද ගැන ද සඳහන් කරමිනි. තමා හිතුවාටත් වඩා දෑවැද්ද ගැන දැනගත් තරුණයා එක පයින් යෝජනවට කැමති විය.


 නියම කරගත් දින මනාලිය බැලීමට ගිය පිරිසට සංග්‍රහ කිරීමට ඉදිරිපත්ව සිටියේ බාල නැගණියයි. ඇය රූමත් තරුණියකි. ඇය දුටු මනාලයාට දෑවැද්ද අමතක විය. කපුවාගේ කණට කර කීවේ දෑවැද්ද අවශ්‍ය නැත. නැගණිය බඳින්නට කැමතිය කියාය. මේ බව දැන්වීමට පසුදින එම නිවසට ගිය කපුවා, පියාගෙන් ගුටි නොකා බේරී ඇත්තේ වේගයෙන් දිවීමට හැකිවී තිබුණ නිසාලු.
(බළන්ගොඩ නන්දසේන පිනිදියආරච්චි)



අදහස් (0)

කපුවා කපෝති

ධනවර්ධන Wednesday, 22 June 2016 02:30 AM

මම නම් අක්කව බඳිනවා (නි)

:       0       0

සම්පත් Tuesday, 21 June 2016 09:08 AM

මේ ගෙදරින් විවාහයක් කර නොගත්ත ඒකමයි හොද මේ ළමයා ගෙදරට නාකි වෙලා ඉන්නෙත් එයාගේ තාත්තලගේ වැඩ නිසා. (ර)

:       0       0

අබය Monday, 20 June 2016 09:33 PM

අදහසක් ප්‍රකාශ කිරීම ගුටිකෑමට තරම් දරුණු හේතුවක්ද? (නි)

:       0       0

කමල් Saturday, 25 June 2016 05:32 AM

අර ටිවී එකේ ඇඩ් දානවා වගේ එකක් ගතහොත් අනිත් එක ෆ්‍රී දුන්නම් හරි නේ... (ර)

:       0       0

රාධා Tuesday, 21 June 2016 12:09 AM

සමහරවිට අර පරණ කියමන අනුව අක්කා දෙන්න නංගි පෙන්නන්න ඇති. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 22 June 2016 09:41 PM

මේ දෙමවුපියන්ට තිබුණේ මංගල කටයුත්ත අවසන් වෙනකම් පැය කීපෙකට හරි පවුලේ ලස්සන සුන්දරම කෙල්ල ඇතුළේ කාමරයක සිරඅඩස්සියට පත්කරන්නනේ. එහෙනම් මේ අවනඩුව වෙන්නේ නැහැනේ (නි)

:       0       0

සුජීව Wednesday, 22 June 2016 09:52 PM

මම නම් දෙන්නම බඳිනවා (නි)

:       0       0

අරවින්ද Tuesday, 21 June 2016 01:16 PM

මම නම් දෑවැද්ද නොවෙයි, නංගි ලස්සන නම් කොහොමහරි බඳිනවා (නි)

:       0       0

ජෙහාන් Tuesday, 21 June 2016 01:18 PM

සමහරුන්ට දෑවැද්ද දෙනවා නම් යන්තම් නාඩි වැටෙන ආච්චි කෙනෙක් වුණත් කමක් නැහැ. (නි)

:       0       0

අජිත් Saturday, 25 June 2016 09:29 AM

මුට්ටිය දාන්න කලින්ම බෙල්ල ගිහින් වගේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site