IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


කන කැසූ රියැදුරාට දඩ කොළයක් දෙන්න හදලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මාතලේ සිට කොළඹ බලා ගමන් කළ බස් රථයකි. එහි රියැදුරා මැදිවියේය. ඉතා සංයමයෙන් රිය පැද වූ ඔහු මගීන්ගේ සිත් ගත්තේය. නිට්ටඹුව නගරය පසුකර යද්දී එහි ගොඩ වූ මගියකු මේ රියැදුරාගේ කල්ක්‍රියාව දෙස බලා සිටියේ සතුටු සිතිනි. වෙනත් කිසිදු රියකට අවහිර නොකර සාමාන්‍ය වේගයෙන් ඔහුගේ රිය පැදවීම මේ මගියාගේ විශේෂ අවධානයට ලක්වූයේය.

බසය යක්කල, මිරිස්වත්ත පසුකර මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල වංගුව පසු කළා පමණි. පාරේ සිටි පොලිස් නිලධාරියෙක් බසය නවතන ලෙස සංඥා කරනු ලැබීය. රියැදුරා බසය නැවතුවේය. දැඩි කල්පනාවෙන් රියෙන් බසින අතරතුර ඔහු ගැන විමසිල්ලෙන් සිටි මගියාට පැවැසුවේ “අනේ මහත්තයෝ මම නම් කිසි වරදක් කළේ නැහැ. මොනවාට නතර කළා ද දන්නේ නැහැ” කියාය. පොලිසිය වීනිත රියැදුරන් තෝරන නිසා මේ රියැදුරුට ඒ සඳහා ත්‍යාගයක් ලබාදීමට බසය නවත්වන්න කියා ඇතැයි සිතූ මගියා “කමක් නැහැ ගිහින් බලලා එන්නැ”යි කීවේය.

ටික වේලාවක් ගත කළ රියැදුරා ආපසු ආවේ අවුල් වූ සිතින් යුතුවය. ඇයි? පෙරකී මගියා විමසීය. “අනේ බලන්නකෝ මම කෝල් එකක් ගත්තා කියලා දඩ කොළයක් දෙන්න හැදුවා. මා ළඟ දුරකතනයක් නැති බව වැඳලා කියලා මේ බේරිලා ආවේයි” රියැදුරා පැවැසීය. පොලිසිය නවත්තන්න ටිකකට ඉස්සෙල්ලා මම මගේ කන කැසුවා. මහත්තුරු ඒක දකින්න ඇති කී රියැදුරා බසය යළි පණගන්වා ගමනාන්තය කරා පිටත්වූයේ එතෙක් ආවාටත් වඩා කල්පනාකාරීවය.



අදහස් (4)

කන කැසූ රියැදුරාට දඩ කොළයක් දෙන්න හදලා

Perakum Saturday, 10 March 2018 02:21 PM

මේ වගේ අසරණයින්ට තමයි පොලිස් නිලධාරීන්ගේ සැර. ත්‍රී වීල් කාරයෝ කොච්චර වැරදි කළත් නොදැක්කා වගේ අහක බලන් ඉන්නේ එයාලට අත තියන්න බයයි.

:       114       521

pitigala Sunday, 11 March 2018 02:22 AM

ත්‍රී වීල් කාරයින්ට බය පොලිසිය. ???? දෙය්යෝ සාක්කිම තමයි?

:       19       86

venon Monday, 12 March 2018 04:23 AM

දැන් ඔය කියන සතු‍ටු හිතැති මඟියා වෙන කවුරුවත් නෙවෙයි. මේක එවපු වාර්තාකරු. අපි හිතමු බස් රථයේ රියදුරා ඇමතුමක් ගනිමින් රිය පැදෙව්වා කියලා. පොලිස් නිලධාරියාට බොරුවට කන කැසුවා කියලා කිව්වා කියලා. එහෙම නම් මොකද කියන්නේ?

:       120       108

janahitha Monday, 12 March 2018 10:42 PM

වාහනයක් පදවන කොට කන කොටියෙක් හෝ කිඹුලෙක් කෑවත් අතනම් කණගාවට ගෙනියන්න එපා.. ඔය නීතිය ඔය අපේ හරියේ විතරයි. අර උඩහට ගියාම සැලියුට් එකක් ගහල යන්න මල්ලි (වයස වැඩි වුනත්) කියලා තමයි කියන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1024 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site