
(මෝදර - සී. ඉග්නේෂස් ඇන්තනි)
සොරකමක් කළා කියා නොදැනුවත්ව ගුටිබැට දුන් පුද්ගලයෙකුගෙන් සිදු වූ දෙය නිවැරදිව වටහාගත් පසු පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් සැකකරුගෙන් සමාව ගත් පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.
එම පුවත මෙසේය.
සැකකරු ගැමි පුද්ගලයෙකි. ඔහු රස්සාව කරන්නේ කොළඹ ප්‍රදේශයේය. මෙය සිදුවූයේ සවස් කාලයේ දුම්රිය ස්ථානයකට යාබඳවය.
මුදල් පසුම්බියක් අරං ගියා කියා නිවාස පේළියක කාන්තාවක් කෑගසන්නට වූවාය. අහල පහළින් සෙනඟ රැස්වූහ. සංචාරය කරමින් සිටි පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක්ද එතැනට ආහ.
පර්ස් එක අරං ගියා යැයි කියන පුද්ගලයා සොයමින් ගම පීරුවත් පිරිසට සැකකරු අල්ලා ගැනීමට නොහැකි විය.
එහෙත් ඈතින් දුවන කෙනෙකු දැක ගම්වාසීහු ඔහු අල්ලා කට බැඳ හොඳටම ගුටිබැට දී පොලිසියට බාර දුන්හ. ඔහුට කතා කරන්නවත් ඉඩක් නොලැබුණි.
පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළේය. අනේ සර් මේ වගේ දෙයක් මේ පැත්තේ වුණාද කියාවත් මා දන්නේ නෑ. වැඩ ඇරිලා සවස 6ට තිබෙන කෝච්චිය අල්ලන්නයි මා මේ දුවන්නේ. මම හැමදාම සවසට මේ හරියෙන් කෝච්චිය අල්ලන්න වුවමනා නිසා දුවනවා. ඒ වෙලාවේ තමයි මේ අය මාව අල්ලා කට බැඳලා ගැහැව්වේ.
මට මේ අය කතා කරන්නවත් ඉඩ දුන්නේ නෑ. අනේ සර් මම හොරෙක් නෙමෙයි. මගේ ගෙදර අය මා එනකම් බලාගෙන ඉන්නවා ඇති මට යන්න දෙන්න සර්.
මා දුවන නිසයි මොවුන් මා අල්ල ගත්තේ යැයි ඔහු පැවසීය.
පොලිසියට කරුණු වටහුණි. ඉන්පසු සැවොම ඔහුගෙන් සමාව ගත්හ. ටික වේලාවක් ගතවිය. ඔහුට යන්නට තිබෙන දුම්රිය ඒ අසලින් ගියේය. කමක් නැහැ ඊළඟ කොච්චිය අල්ලන්නවත් මම යන්නම් කියා ඔහු පිරිසගෙන් වෙන්වී ගියේ ඉතාම වේදනාවකිනි.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝච්චිය අල්ලන්න දුවලා අම්බානක ගුටිත් කාලා
Gunasinghe Friday, 21 September 2018 05:02 AM
අැයි පොලිස්පතිතුමාට පැමිණිලි නොකරන්නේ?