IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


ඉර-හඳ ගැට ගහන තර්ක අස්සේ වේටර්ට පන්දාහක ටිප් එකක්

(උණවටුන ඩී.ජී. සුගතපාල)
ඔහු ව්‍යාපාරිකයෙකි.. කලක් එක්තරා සුළු පක්ෂයකට සම්බන්ධව දේශපාලනය කළ නිසා පළාතේ බොහෝ දෙනෙක් ඔහු දැන සිටියහ. ඔහු කිසිදු ලෝබකමක් නැතිව මත්පැනට අත දිගහැර වියදම් කළ පුද්ගල​ෙයකි. එමෙන්ම මිතුරන්ගේ ඕනෑම හදිසි කරදරයක දී පෙරමුණ ගත්තේ ද ඔහුය. ඔහු සමග මත්පැන් පානය කරන මිතුරෝ පිරිසක් ද වූහ. ඔවුන් අතර විවිධ ක්ෂේත්‍රවල අය වූහ.


පසුගිය දිනවල රටේ ඇතිවූ කොරෝනා තත්ත්වය සමග ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට ද යම් බලපෑමක් සිදුවිය. එහෙත් සිරිත් පරිදි මිතුරන් සමග ‘‘සෙට්“වීමට අමතක නොකළේය.


කොරෝනා වසංගතයෙන්  පසුව පළමු වරට මිතුරන් හමුවූයේ එදිනය. ඔහු මිතුරන් ද කැටුව අවන්හලකට ගියේය. බොහෝ වේලාවක් කතා කළේ කොරෝනාවලින් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම ගැනය.

එහි සිටි නීති ක්ෂේත්‍රයට සම්බන්ධ එක් මිතුරකු ඉස්ලාම් ධර්මය පිළිබඳ දිර්ඝ විග්‍රහයක් කළේය.“මම හොඳ සිංහල බෞද්ධයෙක්, හැබැයි කුරානය සම්පූර්ණයෙන්ම කියවල තියෙනවා.“ කියමින් මිතුරා කීවේය.


දැන් දැන් ඔවුන්ගේ කටහඬ උස්ය. එකිනෙකා පරයමින් තම අදහස් ප්‍රකාශ කරන්නට විය. වරෙක එය උණුසුම් විය. වේටර් පැමිණ “සර් වහන්නයි හදන්නේ “කීවේය.


“එහෙනම් ගේනව අපේ බිල“ ඔහු කීවේය. වේටර් බිල ගෙනාවේය. ඔහු පසුම්බිය හැර බිල ගෙව්වේය. වේටර් ද බිල ගෙවා  තැටියක තබා ඉතිරි මුදල් ගෙනාවේය. එහි වූයේ රුපියල් විස්සේ නෝට්ටුවකි.


ඔහු යළිත් පසුම්බිය දිග හැරියේය. ඒ හැමදාම වේටර්ට සන්තෝසමක් දීම ඔහුගේ සිරිත නිසාය. ඔහු නෝට්ටුවක් ගෙන විස්සේ නෝට්ටුව මතින්ම තැබුවේය. වේටර්ගේ දෑස් උඩ ගියේය. එහෙත් වේටර් ඒ බව කිසිවකුටත් නොහැඟවෙන ලෙස “තෑන්ක් යූ සර්“ කියමින් ඉවත්ව ගියේය. ඒ සමගම පිරිස ද විසිර ගියහ.


පසුදින උදෑසන ඔහු කිසියම් කටයුත්තකට මුදලක් ගෙවීම සඳහා පසුම්බිය දිග හැරියේය. එහි තිබු රුපියල් පන් දහසේ නෝට්ටුවක් අඩුය. ඔහු බොහෝ වේලාවක් කල්පනා කළේය. වේටර්ට සන්තෝසමට දුන්නේ පන්දහසේ නෝට්ටුව බව පසුව මතක්විය. ඉන්පසුව ඔහු එම අවන්හලට යාම නතර කළේ ලැජ්ජාව නිසාය.



අදහස් (0)

ඉර-හඳ ගැට ගහන තර්ක අස්සේ වේටර්ට පන්දාහක ටිප් එකක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සොරකමෙන් බේරෙන්න බොරු ආරූඪයක් අරන්
2024 ජුලි මස 15 292 0

නිවසේ මේසය මත තිබූ රුපියල් හැත්තෑපන්දහසක් වටිනා තම මුද්ද නොමැති බව දැක ඒ බව ගෙදර සිටි මෙහෙකරුගෙන් විමසීමේදී එක් වරම ඔහුට දේවාරූඪයක් ඇඟට විත් දේව දිෂ්


මාමණ්ඩියගේ මිනී පෙට්ටියෙන් මාටියා ගසා මායියාට අහුවෙලා
2024 ජුලි මස 13 194 0

මාමණ්ඩියගේ මිනී පෙට්ටියෙන් මාටියා ගසා මායියාට මාට්ටු වී මාර අමාරුවක වැටුණු හාදයකු පිළිබඳ කතාවක් දකුණේ කොණේ ගම්මානයකින් අසන්නට ලැබේ. මාමණ්ඩිය සිය අවස


සේවකයන් වැඩ කරද්දී ඉබ්බෝ දමා වසා ගිහින්
2024 ජුලි මස 13 174 0

දකුණු පළාතේ රාජ්‍ය ආයතනයක කාර්යාල වේලාවෙන් පසු කාර්යාල සේවකයන් පිටව ගියේ යැයි සිතා යතුරු භාරකරු කාර්යාලය වසා දමා යෑම හේතුවෙන් එම කාර්යාලයේ උඩුමහලේ ස


‘හලෝ’ රිං වී රිළවා අැන්දවිලා
2024 ජුලි මස 13 98 0

පොසොන් පොහොයදා රජරට කලාඔය ප්‍රදේශයේ දහවල් පැවැති ආහාර දන්සලක මුළුතැන්ගෙට කඩවැදුණු රිළවකු එහි වැඩ කරමින් සිටි කාන්තාවකට අයත් මුදල්, ජංගම දුරකතනයක් ඇත


අයියගේ දුවගේ මඟුලදා ‘කචල් මල්ලි’ වටේ යවලා
2024 ජුලි මස 13 101 0

එක කුස උපන් සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මවුපිය දෙදෙනාම නැත. එහෙත් වැඩිමල් සහෝදරයා දුක් මහන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස්


මාල කඩන්න ඇවිත් බඩගාගෙන යන්න වෙලා
2024 ජුලි මස 13 89 0

කාන්තාවන්ගේ ගෙල බැඳි රත්තරන් මාල කඩාගෙන පලා යන තරුණ හොරෙකුට කාන්තාවක විසින් මතක හිටින පාඩමක් ඉගැන්වූ පුවතක් අලව්ව ප්‍රදේශයෙන් වාර්තා වේ. පාඩම කියාද


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 88 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 925 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1809 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site