IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


ආත්මගරුත්වය බේරාගන්න ගිහින් ලජ්ජාවෙලා

ඔහු දකුනු පළාතේ රාජ්‍ය සංස්ථාවක මාණ්ඩලික නිලධාරියෙකි. එදින ඉරු දිනයක් වුයෙන් සිය බාල පුතා හා එක්ව ලිඳ අසල පඩිපෙළ පිළිසකර කිරීමට ගියේ සිමෙන්ති බදාම ආදිය භාවිත කරමින් පළපුරුදු මේසන් බාස් කෙනකු පරිද්දෙනි. වැඩ කරගෙන යන අතරතුර ලොකු දුව පැමිණ කීවේ බාල නැගනිය විවාහපේක්‍ෂිත පවුලේ පියා තවත් කීප දෙනකු සමග නිවසට එන බවයි. වහා ඇඟපත සෝදා පිරිසිදු වූ ඔහු පුතා සමග නිවසට ගියේ බදාම තාච්චි මේසන් හැඳි අදියද එතැනම තිබෙන්නට හරිමිනි. නිවස තුළ පිලිසඳරෙන් පසු එළිමහනට ආ අලූත් නෑදෑයෝ වට පිටාවේ ඇවිදින ගමන් ළිඳ අසලටද ආහ. හදිස්සියක් වෙලා බාස් උන්නැහෙ ගෙදර ගියා. ඒකයි මේ ඔහු කීවේ තම ආත්ම ගරුත්වය බේරා ගන්නටය. ”අපරාදේ මේ වැඬේට බාස්ලා මොකටද?” කී නව ඥාතියෙක් කමිසය ගලවා අසල වූ ගසක එල්ලා මේසන් හැන්ද අතට ගෙන වැඩ පටන් ගත් විට මේ පියාට තමා කී දේ ගැන මහත් ලැජ්ජාවක් දැනුනාලූ.



අදහස් (0)

ආත්මගරුත්වය බේරාගන්න ගිහින් ලජ්ජාවෙලා

කැලුම් ඕමානය Thursday, 07 June 2012 10:36 PM

අලිබබා නම් නියම කොල්ලෙක්

:       0       0

කිරිමාටින් Wednesday, 06 June 2012 05:21 PM

ඉතින් අලි බබා මොකද දැන් කියන්නේ..අර මනුස්සයටත් විද්‍යාගාරේ ඇතුලේ සිමෙන්ති අනන්නද ?

:       0       0

මිහිර; Thursday, 07 June 2012 08:21 AM

නෑ නෑ බන්ගලිතුමෝ, මේ අලිබබා කියන්නේ අර ආසනික් ප්‍රශ්නය ගැන නාථ දෙවියන්ගෙන් උපදෙස් ගත්ත මහාචාර්යතුමා ගැන

:       0       0

තරියා Wednesday, 06 June 2012 05:48 PM

මීට වඩා වැදගත් කතා නැද්ද

:       0       0

සන්ජීව Wednesday, 06 June 2012 10:29 AM

අපරාදේ ඉඩ ටික පත්තරේ

:       0       0

සක්කරවට්ටම් Friday, 08 June 2012 10:05 PM

මේ ඇහුනද ? ඔය අලිබබාද ? නැත්නම් බබාගේ අලියද ? දාන දේවල් ?

:       0       0

සුජීව Wednesday, 06 June 2012 10:52 AM

දෙයියෝ සාක්කි දවසක් දෙකක් පලනොකරට කමක් නෑ...........

:       0       0

කරෝලිස් Thursday, 07 June 2012 09:35 AM

නෝන්ඩියි නේ....!

:       0       0

මංඡුල බ්රුට් Wednesday, 06 June 2012 12:22 PM

අපරාදේ සල්ලි

:       0       0

මංඡුල බ්රුට් Wednesday, 06 June 2012 12:22 PM

අපරාදේ සල්ලි.

:       0       0

අනුර Thursday, 07 June 2012 09:42 AM

මේක පේරාදෙණිය පැත්තේ වෙච්ච එකක් නේද?

:       0       0

සමන්ත Wednesday, 06 June 2012 12:38 PM

මේක හොඳ කතාවක්. ඔහොම මිනිස්සු ඕන තරම් මම දැකල තියෙනවා.

:       0       0

එස්.කේ. Wednesday, 06 June 2012 12:04 PM

ඒකනම් ඇත්ත....නිකම්ම නිකම් කතාවක්ද කොහෙද.

:       0       0

ගිරිගෝරිස් අප්පුහාමී Thursday, 07 June 2012 10:26 AM

කෝ මේ කිචි තියෙන තැන..

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 06 June 2012 12:13 PM

ඇයි මේක ලස්සන කතාවක් . හරිම අගෙයි. නමබුව බේරගන්න ගිහින් පස්ස බිම ඇන‍ගෙන නේද???

:       0       0

හසී Wednesday, 06 June 2012 07:36 PM

මට හිතෙනවා අලිබබාට මේක භාර දුන්නොත් ටිකක් හොද වෙයි කියලා

:       0       0

සුදු නංගා Friday, 08 June 2012 03:23 AM

අලි බබාගේ කතාව සුපිරි...මීට පස්සෙ දෙයියෝ සාක්කි කතා ලියද්දි ඒකට හරියන්න අලිබබා කතාවක් ලියන්නකෝ..

:       0       0

රනුග Wednesday, 06 June 2012 12:32 PM

නිකම්ම නිකම් කතාවක්ද කොහෙද.

:       0       0

කසුන් Thursday, 07 June 2012 11:00 AM

වටිනා කතාවක්.ඒකෙන් ගන්න ගොඩාක් හොද දේවල් තියනවා..

:       0       0

දුෂාන් Wednesday, 06 June 2012 12:55 PM

මේ වගේ නීරස අතාත්වික දේවල් පල නොකර.

:       0       0

කුමාරිකා Wednesday, 06 June 2012 02:05 PM

කිසිම හරයක් නෑ....

:       0       0

අමිල කටුනායක Saturday, 09 June 2012 08:55 AM

කෝ අද අපේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමා නැහැ. පාලුයි වගේ එතුමා හිටියා නම් මීටත් හොඳ කතාවක් අහන්න තිබ්බා.

:       0       0

අලිබබා Wednesday, 06 June 2012 01:43 PM

ඔන්න එක විද්‍යාඥයෙක් හිටියා. ඔහු ජිවිතේ සෑහෙන කාලයක් ගතකළේ විද්‍යාගාරය තුලමයි. අළුත් පරික්ෂණ කටයුතු සදහා කාලය ගෙවමින් සිටියාමිසක් සමාජයත් එක්ක ඒ තරමි සමිබන්ධයක් තිබුනේ නෑ. සේවිකාවන්ගෙන් ලැබෙන අහාර භුක්තිවිද විද්‍යාගාරයතුලම වැඩිකාලයක් ගතකළා. සමහරක් අවස්තාවල හිතුවතුන්ගේ නෑදැමිතුයින්ගේ මංගල්‍යයන් සදහා ආරාධනාවන් ලැබුනත් ඒවා ගැනද තැකීමක් කළේ නෑ. තමා විවාහයක් ගැනද නොසිතා තමන්ගේ නව සොයාගැනීමි පරික්ෂණ කටයුතුවල දිගටම නියැලුනා. දිනක් තම පවුලේ ඥාතීදරුවෙකුගේ විවාහයකට ආරාධනාවක් ලැබුණා. ‍මෙවර මොහු හිතුවා හැමදාම මෙ විද්‍යාගරයතුල මම කොටුවෙලා ජීවිතය ගෙවනවා. වෙනසක් දකින්නට ඔනා. මම මෙම විවාහඋත්සවයට සහභාගි වියයුතුය කියා තීරණය කළා. පසුව හොදට ඇද පැලදගෙන මහාචාර්යතුමා විවාහ උත්සවය පවත්වන්නාවු හෝටලයට පැමිණියා. නමුත් එහි සිටි අය එකතුව සතුටු සාමිචිචියේ කථාබස්කරමින් සිනාසෙමින් සිටින ආකාරය දුටු මහාචාර්යවරයාතුල සබකෝලයක් ඇතිවුනා. මන්ද ජීවිතයේ වැඩිමකාලයක් කුඩාකාමරයක විද්‍යාගාරයක්තුල කොටුවිසිටි මොහුට සමාජයත් සමග පැවති සමිබන්ධතාවය ඉතා දුරස්ව පැවතුණා. මොහු වටපිටබලා එම ශාලවෙ මේසයක් අසල තනිවම වාඩිවීසිටින කාන්තාවක් දැක මෙම මහතාද ඇය අසලින්ම අසුන්ගත්තා. පළමුව සිනහවක් පෑවා. කාන්තාවද ඉතා නිහතමානිව සිනහවකින් පිළිතුරු දුන්නා. දැන් මෙම මහතා කල්පණා කළා මම මැයගෙන් මොනවද අහන්න ඕන කියලා. හොදයි මෙහෙම අහමුකියා ප්‍රථමයෙන් ඔයාට ළමයි ඉන්වාදැයි ප්‍රශ්ණ කළා. ඇයද සිනාහමුසු මුහුණින් ඔව් හතරදෙනෙක් ඉන්නවා යනුවෙන් පිළිතුරු දුන්නා. නැවතත් නිහඩතාවයකින් පසුව ඔයා විවාහකද? යනුවෙන් පැවසුවා. එවිට අර කාන්තාවගේ පෙරතිබු සුකුමාල සිනාහවද පහවි ගොස් මෙ මහතා දිහා ඔරවා බලා තමා වාඩිවි සිටි පුටුවෙන් නැගිට වෙනත් තැනකට ගොස් අසුන්ගත්තා. එවිට මෙ මහචාර්යවරයා කල්පණා කළා මම අහපු ප්‍රශ්ණයේ මොකක් හෝ වැරැද්දක් සිදුවුනා. මෙසේ සිතමින් වටපිට බැලීමෙදී ඒ අසලම තවත් ඉතා ලස්සන තරුණියක් වාඩිවි සිටිනවා දුටුවා. මෙම තරුණිය වෙතද පෙර ලෙසම සිනහවක් පෑමේදී ඇයද ලස්සන පිළිතුරු සිනහවක් පෑවා. පසුව මෙ මහතා ඉස්සල්ලා අහපු ප්‍රශ්ණ දෙක පැටලුනා. එයම දැන් වෙනස්කර අසමුකියා සිතමින්, එම තරුණිය‍ගෙන් මෙසේ විමසුවා. ඔබ බැදලද? ඔබ විවාහකද? එවිට තරුණිය සුකොමල පාමින් නෑ යනුවෙන් පිළිතුරු දුන්නා. සුලු නිහඩතාවයකින් පසුව නැවතත් මෙසේ ඇසුවා ඔයාට බබාලා ඉන්නවාද? යනුවෙන් අසනවාත් සමගම පෙර කාන්තාව මෙන්ම මෙම තරුණියද මහචාර්යවරයා දෙස ඔරවා බලා වාඩිවි සිටි පුටුවෙන් නැගිට ගස්සමින් එතනින් ඉවත්ව ගියා. පසුව මෙම මහතා මෙසේ කල්පණා කළා. මම අහපු ප්‍රශ්ණ දෙකේම මොකක්හරි වැරැද්දක් වුනා. හපෝ සමාජයත් එක්ක ඉන්නවාට වඩා මගේ හුදකලා ජීවිතය මට හොදයි කියා නැවතත් විද්‍යාගාරයතුලටම ගියා. ‍

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 09 June 2012 08:35 AM

අලිබබාගේ ලස්සන කතාව කියවපුවාම මට මම දන්න කතාවක් මතක් වුනා. ඒක අහන්න ඔයාලා ආසයි කියලා හිතපු නිසා මම ඒක දැන් කියන්නම්.මේක ස්ත්‍රී දුෂකයින් ගැන කතාවක්.බාලිකා විදුහල්, ඇඟලුම් කම්හල්,ගැහැණු නේවාසිකාගාර වැනි ස්ථානවල සිට වැටී ඇති පාළුවීථි,බඩවැටි ලඳු කැලෑ,මහමඟ ආදීතැන් අසල දිගු වේලාවක් නවතා ඇති විවිධ රථවාහන තුළ, ආවරණ ස්ථාන අසල, ජන ශූන්‍ය ස්ථාන වල මෙබඳු නොමනා පාපී මානසික විකෘති සල්ලාල පිරිස් බහුලව ගැවසිය හැක. බොහෝවිට මෙබඳු ස්ථාන හරහා පා ගමනින් පියමං කරන තරුණ දරුවන් හැඳපැළඳ සිටින ඇඳුම් පැළඳුම් විනිවිද මනාව වැඩුණු පිරිපුන් තුරුණු සිරුරේ මට සිලිටි බව දිළිසෙන තියුණු කාමුක දෑසින් දැක නරඹා, රාගයෙන් රත්ව, එමඟින් ගුප්ත අශ්ලීල දැඩි කාමුක වින්දනයක් ලැබීමට යොමුවීම මෙබඳු සල්ලාල පිරිස්වල සිරිතයි. බොහෝ අවස්ථා වල දී යම් ශබ්දයක් නිකුත් කර ඒදෙස බලන යොවුන් දරුවාට සිය නිරාවරණය වූ රහසඟ හෝ නිරුවත බඳු දේ පෙන්වා ඉන් විකෘති තෘප්තියක් ලැබීමට යොමු වූ පිරිස් ද මේ අතර සිටිති.‍ සමහරු පාරේ වංගු සහිත තැන්වල, හුදකලා මංමාවත් අසල මුත්‍රා කරන ස්වරූපයෙන් සිටිති.නමුදු එබඳු අවස්ථාවක ඔවුන් පසුකරමින් පිරිමි යන එන අවස්ථාවලදී ඔවුන් පෙන්වමින් සිටිනුයේ මුත්‍රාකරමින් සිටින බවයි. මේ නිසා කවුරුත් මෙබඳු අය මෙවැනි යැයි සැක නොකරති.එහි අනියම් වාසිය හිමිවනුයේ මෙබඳු කාමුක පාපතරයින්ටය. පිරිමියෙකු යන එන විට නිහඩව සිටින නමුදු යොවුන් දැරියක හෝ ස්ත්‍රියක හුදකලාව ඒ මඟ යන විට ක්ෂණිකව ආපහසු හැරී හැඳ සිටි ඇඳුම් පැළඳුම් මෑත්කර සිය රහස්ඉන්ද්‍රියන් පෙන්වීමට හා එමඟින් විකෘති වින්දනයක් ලැබීමට යොමුවී සිටිති.මෙබඳු අවකල් ක්‍රියාවලට යොමුවූ පිරිස්වලට ප්‍රදර්ශන කාමුකත්වය යන මානසික රෝගයඇත. අවශ්‍ය නම් මෙබඳු අයගෙන් ඕනෑම කෙනෙකුට හුදකලාව යනෙන එබඳු දැරියක හෝ තරුණියක මුවවසා ඔසවා ගෙන බලහත්කාරයෙන් අසල වන රොදකට ඇදගෙන ගොස් අතවරයකට ලක්කිරීමේ ඉඩකඩ පවතී. ඇගේ මනෝකායික අවස්ථාව අඩපණ වීම නැතිනම් අවනතවීමක් ලෙස දූෂකයින් විසින් වටහාගන්නා බව පෙනෙන්නට තිබේ.මේ අවස්ථාවකදී කෙසේ ක්‍රියාකරන්නේදැයි මීට කිසිදිනෙක මුහුණ නොපෑ යුවතියක් නොදැන සිටීමද එබඳූ දූෂකයින්ට වාසි සහගත කරුණක්වී තිබේ.ගෙලට තියුණු පිහියක් තබා මරණතර්ජනකර බියගැන්වීම මඟින් සිය කාර්ය පහසුකරගැනීමේ ක්‍රමවේදය මොවුන් දනිති. ‍ඉදිරිපසින් ගොස් මෙන්ම පිටුපසින් ගොස් ගෙල සිරවන පරිදි තදකර සිය ග්‍රහණයට ගැනීමට පළපුරුදු දූෂකයින්ට ඇත්තේ හොඳ ඉවකි.එසේවූවිට බියපත්වන යුවතික තමාට අවශ්‍ය අයුරින් ඕනෑමදෙයකට පහසුවෙන්ම නම්මාගත හැකිබව පළපුරුද්ද තුළින්ම මේඅය වටහාගෙන සිටිති.අසරණ දැරිය තමාට කෙතරම් වේදනාකරවුවද නිහඩවනුයේ ජීවිත ආශාව තදින්ම බලපාන බැවිනි.බොහෝ යුවතියෝ හුදෙක් ජීවිතාවශාව නිසා දුෂණයටඅකමැත්තෙන්වුවද අවනත වෙති.

:       0       0

ගාමිණී Wednesday, 06 June 2012 02:17 PM

මේ කතාව හොඳයි....මේ වගේ පටලැවිලි අපිටත් වෙනවා...

:       0       0

Wednesday, 06 June 2012 02:22 PM

අලි බබාගේ කතාව මරු...

:       0       0

වාසල දයාරත්න Wednesday, 06 June 2012 02:24 PM

දෙයියෝ සාක්කි වලට ඇම්ඩගේ කතා වස්තුවෙන් මසුරන් කතාවක් ලියල එවන්නද?

:       0       0

සක්කරවට්ටම් Wednesday, 06 June 2012 10:35 PM

අනේ මගෙන්නේ ඔය ප්‍රශ්නෙ ඇහුවේ මගුල් ගෙදරදි.කවුද දන්නේ එයා මහාචාර්‍ය වරයෙක් කියලා. මට එයාගේ ලිපිනය හොයල දෙනවද ?

:       0       0

කුසුම් Wednesday, 06 June 2012 10:48 PM

"අලි බබා" ගේ නම නිසාද මන්ද අලි කමෙන් දාන්නේ....

:       0       0

‍‍කෝර‍ලේ මහත්තයා Thursday, 07 June 2012 06:26 PM

අලිබබා ලියන ලියවිල්ල හැටියට ..ඕන් අධ්‍යක්ෂ කොමක් වත් දෙන්ට ඕනැ ආයිබෝවං...

:       0       0

විජය Wednesday, 06 June 2012 03:24 PM

අලිබබා පරණ කතාවක් මොඩ් කරලා.ඒකත් නරකම නෑ බලද්දි

:       0       0

ගමරාළ Wednesday, 06 June 2012 11:55 PM

ෂාහ්... මාර කතාව ! "විද්‍යාඥයා සහ මහාචාර්යවරයා"..!!!!!!!!! හිනාවෙලා පණ ගියා බොලේ.

:       0       0

දුමින්ද Wednesday, 06 June 2012 03:28 PM

කතාව හොදයි.අපිටත් ඔහොම දේවල් වෙලා තියෙනවා

:       0       0

හෂාන් Tuesday, 03 July 2012 05:41 PM

මගුල කෙරුනද දන්නේ නෑනේ

:       0       0

අමිල Wednesday, 06 June 2012 03:43 PM

අලි බබා‍ට දෙමු දෙයියෝ සාක්කි ලියන්න, අලියෝ සාක්කි කියලා

:       0       0

අමිල කටුනායක Wednesday, 06 June 2012 03:43 PM

අලි බබාට දෙමු දෙයියෝ සාක්කි ලියන්න,,,අලියෝ සාක්කි කියලා......

:       0       0

එස්.කේ Wednesday, 06 June 2012 03:46 PM

අලි බබා , ඔයාට බැරිද දිගටම දෙයියෝ සාක්කි එකට ලියන්න...

:       0       0

බන්ගලියා Wednesday, 06 June 2012 03:55 PM

අලිබබා :ඔයා අපේ අර ආචාර්‍යද .??

:       0       0

වාසල Thursday, 07 June 2012 01:02 PM

අතේ පයේ වැඩ දැනන් සිටීම ලැජ්ජාවට නරුණක් නොව අභිමානයකි

:       0       0

හෙළය Wednesday, 13 June 2012 04:54 PM

මේ ආචාර්ය කාරයට මනෝ විකල් ද මන්ද. මොනවද මේ ලියල තියෙන්නේ මේ කතාව අහල මට වමනේ යන්න එනවා... එපා කරපු කතාවක්.. අරන්ගිහිල්ල දාන්ඩ ඕනි අංගොඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා
2024 මැයි මස 17 1059 0

පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙ


අඩුවට පොල් කඩා බඩට ගහලා
2024 මැයි මස 16 1068 0

පොල් කැඩීම සඳහා එක් ගසකට පියා අයකරන කුලියට වඩා අඩු කුලියකට පුතා පොල් කඩන්නට වීමෙන් වසර ගාණක් තිස්සේ පියාට හිමිව තිබූ පොල් මුරයක් පමණක් නොව පියාගේ රැකි


කෑම වට්ටෝරුවෙන් දොස්තර අන්ද මන්ද වෙලා
2024 මැයි මස 15 3997 2

අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා


කේවල් කරගත් කුකුළු මස් පන්සීය යළි ගෙනත් සල්ලි ඉල්ලලා
2024 මැයි මස 14 1484 0

අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනැවිත් මුදල් ඉල්ලාගෙන ගිය පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර


මඟුල් ගෙදරදී පැරැණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා
2024 මැයි මස 13 11971 0

තමා කලින් ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වා


අක්කා දැඩි සත්කාරයේ : මල්ලී අවමඟුලේ කතාව කටපාඩමේ
2024 මැයි මස 11 1001 0

උපන් ගමෙන් සැතැපුම් 25ක පමණ දුරක පදිංචිව සිටින සිය වැඩිමහලු‍ සොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයේ රෝහල්ගතව සිටියදී ඇයගේ අවමඟු‍ල් දිනයේ දී ගුණකථනයක් කිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 803 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site