දකුණු පළාතේ උප නගරයක් අසල වු ග්‍රාමීය බැංකු ශාඛාවකට පසුගියදා උදේම පැමිණි වියපත් මවක් රුපියල් දාහේ නෝට්ටුවක් කළමනාකාරිණියට දී මාරුකර දෙන ලෙස ඉල්ලුවාය.“නෝනා මට බස් එකේ යන්න මාරු සල්ලිත් ඕනෑ. නැත්නම් ඉතුරු සල්ලි දෙන්නෙ නෑ”ඇය තවදුරටත් කීවාය. ඇයට මාරු කාසි හා නෝට්ටු ලැබුණි.

සවස් වරුවේද ඇය එම බැංකුවට ආවාය. “නෝන් මං ගෙදර යන ගමන් මගේ මේ සිල්ලර කාසි අරගෙන තනි නෝට්ටුවක් දෙන්න” ඇය කීවාය. “ඇයි ආච්චි” කළමනාකාරිනිය විමතියට පත්ව ඇසුවාය.
“ගෙදර තනි කොළයක් අරන් ගියාම ඒක හංග ගන්න ලේසියි” කී ඇය කපටි සිනාවක් පා සල්ලි කීය කීය හරි ඉල්ලගෙන නෑදෑයො හිඟන්නො ගෙදරට එනවා. එතකොට හිතට එකඟව මාරු සල්ලි නෑ“ කියල බේරෙන්නත් පුළුවන්” කී ඇය කළමනාකාරිනිය දුන් නෝට්ටුව ඉනේ සඟවා ගත්තාය.
(තිහගොඩ උපසේන ලියනගම)
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආච්චිට හංගන්න බැංකුවෙන් නෝට්ටුවක් ඉල්ලලා