IMG-LOGO

2024 ජුනි මස 15 වන සෙනසුරාදා


ආච්චිට දුවත් එක්ක ‘ඔන් ලයින්’ යන්න හිතක් පහළ වෙලා

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
ඔන්ලයින් යෑමට සූදානම්ව සිටි සිය මිනිපිරියට තමාද එහි රැගෙන යන ලෙස කියූ ආච්චි කෙනෙකු පිළිබඳ පුවතකි මේ. වාර්තාවන්නේ බස්නාහිර පළාතේ ප්‍රධාන නගරයකිනි. පුවත සැකවින් මෙසේයි.


ඇය ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටින සිසුවියකි. මේ දිනවල පාසල් වසා ඇති නිසා අධ්‍යයන කටයුතු සිදුකරන්නේ ඔන්ලයින් හරහාය. ඇගේ පියා රාජ්‍ය බැංකුවක ලිපිකරුවෙකු වන අතර මව රජයේ රෝහලක හෙදියකි. ඔවුන් ජීවත්වන නගරයේ නිවසට මීට දින කිහිපයකට පෙර මිත්තණිය (පියාගේ මව) ගමේ සිට පැමිණියාය. ඒ ඇය අසනීපව සිටින නිසා ඊට වෛද්‍ය පරීක්ෂණ සිදුකර ප්‍රතිකාර ලබාගැනීම සඳහායි. එදින උදෑසන මවත් පියාත් ඔවුන්ගේ මෝටර් රථයෙන් රැකියා සඳහා පිටත්ව ගියේ මිත්තණිය හොඳින් බලාගන්නා ලෙසත්, නියම වේලාවට ඇයට බෙහෙත් වර්ග දෙන ලෙසත් දියණියට පවසමිනි.


එදින දහවල් 10.00 ට පමණ දැරියට ඔන්ලයින් පාඩමක් තිබූ අතර සිය මිත්තණිය ළඟට ගිය ඇය ඒ බව මිත්තණියට පැවසුවාය.

ආච්චියේ මම ඔන්ලයින් යනවා. පැය එක හමාරක් විතර කාලය ගතවෙයි. කෑම කාමරේ මේසය උඩ කේක්, කෙසෙල් තියෙනවා. උණු වතුර බෝතලයට තේ දාල තියෙනවා. ආච්චි කේක්, කෙසෙල් කාලා තේ බොන්න. අනේ මගේ දුවේ මටත් මේ දවස් ටිකේ මේ ගෙදරට කොටුවෙලා ඉඳලා එපාවෙලා. මෙහෙ අල්ලපු ගෙරදටවත් යාමක් නෑනේ. ගමේ නම් අපි එහෙම නෑ. මගෙ දුව මාවත් ඔන්ලයින් එක්ක යන්නකෝ. මිත්තණිය පැවසුවාය.


සිය මිත්තණිය ඔන්ලයින් යනු ස්ථානයක් ලෙස වටහාගෙන ඇති බව තේරුම් ගත් දැරිය ඇයට එය පැහැදිලි කර දුන්නාය.

 



අදහස් (0)

ආච්චිට දුවත් එක්ක ‘ඔන් ලයින්’ යන්න හිතක් පහළ වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තමන්ගේම තෙල් තමන්ටම විකුණලා
2024 ජුනි මස 14 738 0

වැල්ලේ වැටකෙයියා පඳුරක් අස්සේ පෙම් කෙළින්නට ගොස් සිය යතුරු පැදියේම ඉන්ධන තමාට දෙගුණ තෙගුණ මිලකට මිලදී ගැනීමට සිදු වූ පෙම්වතකු පිළිබඳව පුවතක් දකුණේ ග


ෆොටෝ හුටපටයකට පෙම්වතාට මළ පැනලා
2024 ජුනි මස 13 994 0

ඡායාරූප ශාලා හිමියකුගේ වැරැද්දක් නිසා තරුණියකට සිදුවෙන්නට ගිය ඇබැද්දියක් පිළිබඳ කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ම


කාඩ් එකෙන් ජොලි කරලා පියාට තරු පෙනිලා
2024 ජුනි මස 12 956 0

පියාට නොදන්වා මව දුන් පියාගේ බැංකු ගිණුමේ කාඩ් පතත් රැගෙන කොළඹට පැමිණි පුතා, පියාගේ කාර්යාලයට පැමිණ පියාවත් එක්කරගෙන ත්‍රිරෝද රථයක නැගී කොළඹ පිටකොටු


සහකාරියගේ අමුතු සුදුසුකමක් ඉල්ලලා
2024 ජුනි මස 11 1314 0

ජාති කුලමල ආගම් ගැළපෙන අයුරින් තමන්ට තෝරන සහකාරිය සම්බන්ධයෙන් අමුතුම ආකාරයක සුදුසුකමක් ඉල්ලූ බවට පැවසූ තරුණ මනාලයකු පිළිබඳ පුවතක් සියනෑවට නුදුරු ගම


පොල්තෙල් වෙනුවට පෙට්‍රල් මාරු වී ජංජාලයක්
2024 ජුනි මස 10 808 0

අකුරැස්ස මලිද්දුව ප්‍රදේශයේ වෙ‍ළෙඳසලකින් පොල්තෙල් වෙනුවට පෙට්‍රල් මාරුකර දීමෙන් සිදුවන්නට ගිය විශාල විනාශයක් අනූනවයෙන් බේරීමේ පුවතක් අකුරැස්ස දි


පින්කමට යනවා කියා තහනම් ගහට නැග්ග මුදලාලිට ඇබැද්දියක්
2024 ජුනි මස 08 872 0

මිතුරකුගේ නිවෙසේ පැවැත්වෙන පින්කමක් සඳහා සහභාගිවීමට යන බව පවසා අනියම් බිරියගේ නිවෙසට ගොස් පෙම්සුව විඳිමින් සිටියදී යතුරුපැදිය ගංවතුරේ ගසාගෙන යාම න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1291 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3010 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2472 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site