IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අලුත ගෙනා මනමාලිගෙ කිරි හොද්දෙන් මූණු ඇඹුල්වෙලා

විවාහ වී මනාල මහතාගේ නිවසට පැමිණ සති දෙකකට පසුව කිරි හොද්දක් සාදා ගැනීමට තේරුමක් නොමැතිව දුරකථනයෙන් පුත්තලමේ පදිංචි සිය මවගෙන් විමසීමක් කළා යැයි කියන තරුණ මනමාලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.


කිරි හොද්දක් සාදන ආකාරය පිළිබඳ සිය මවගෙන් දුරකථනයෙන් විමසුවා යැයි කියන තරුණ මනමාලිය පුත්තලම ප්‍රදේශයේ උපන්නියකි. ඇගේ වයස අවුරුදු 25 කි. මනාලිය උපාධිධාරිනියකි. වැඩිමහල් සහෝදරයන් දෙදෙනකු සිටින ඇගේ මව්පියෝ තවමත් පුත්තලමේ රජයේ රැකියා කරති. 


මනාලිය කුඩා කල සිටම මව්පියන් ඉතාමත් ආදරයෙන් රැකවරණයෙන් අත් උදව්කාරියකගේ සහයෝගයෙන් ඇති දැඩි කළාය. ඒ පවුලේ එකම එක ගැහැනු දරුවා නිසාය. විවාහය දක්වාම ඇය කවදාවත්ම තමන්ගේ රෙදි ටික සොදා වේළා ගත්තේ නැත. හදිසියකට කවදාවත් බතක් උයා සම්බෝලයක් හැදුවේ ද නැත. සියල්ල මව්පියන් අතින් හා අත් උදව්කාරිය අතින් සිදු කෙරිණි. 


ඉකුත් දිනෙක ඇගේ විවාහ මංගල්‍යය මහත් උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි.


මනාලයා දින දෙකකට පසුව සිය මනාමාලිය ඇගේ  නිවසට කැන්දාගෙන පැමිණියේ උඩරට වෙස් නර්තන කණ්ඩායමක් ද පෙරටුකොට ගෙනය. 


සති දෙකකට පසුව මනාලයාගේ මව රාත්‍රි කෑමට ඉඳිආප්ප තම්බා කුකුල් මස් වෑංජනයක් සමඟ සම්බෝලයක් ද සාදා ඇඟපත සෝදා ගැනීමට යාමට සූදානම් වූවාය. ඊට පෙර “දුව පොල් බෑයක් ගාලා කිරි හොද්දක් හදන්න. මම ඉක්මනට ඇඟපත සෝදාගෙන එනවා”_යි පවසා මව කුස්සිය දොරෙන්ම පහළ ළිඳට ගියාය. මනාලිය පොල් බෑය ගා ගත්තද කිරි හොද්ද සාදන්ට තරම් දැනුමක් නොවීය.


 “කිරි හොද්ද හදලා තිබ්බේ නැති වුණොත් වස ලැජ්ජාවයි”_ මනාලිය තනියම කල්පනා කළාය. පසුව ඇය දුරකථනය රැගෙන පුත්තලමේ පදිංචි මවගෙන් කිරි හොද්දක් සාදා ගන්නා ආකාරය පිළිබඳ විමසුවාය. 


එහිදී මව සිය දියණියට කිරි හොද්දක් සාදා ගන්නා ආකාරය පිළිබඳ කියා දී තිබුණද පසුව ඇය කිරි හොද්ද සෑදූ අවස්ථාවේදී පොල් කිරි  කැටිගැසී තිබූ බව ද වාර්තා වෙයි. 


පසුව පවුලේ සියලු දෙනා රාත්‍රි ඉඳිආප්ප කෑමට කෑම කාමරයේ මේසයට ගිය අවස්ථාවේදී  අලුත ගෙනා මනමාලි හැදු කිරි හොද්දෙන් හැමෝගෙම මූණු ඇඹුල් වී ගියාලු.
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)

 



අදහස් (0)

අලුත ගෙනා මනමාලිගෙ කිරි හොද්දෙන් මූණු ඇඹුල්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site