පුද්ගලික අංශයේ සේවකයෙක් රාත්‍රි හතට පමණ නවාතැනට පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් ආ දෙදෙනකු ඔහුට නවතින ලෙස සන් කළේය.
“තමාගේ ගෙවල් කොහෙද?”
යතුරුපැදිය ධාවනය කළ තැනැත්තා විමසීය “මම අනුරාධපුරේ යැයි ඔහු කීය.
එවිට යතුරුපැදිකරු අපිට කෝල් එකක් ආවා තමාගේ හැඩරුව තියෙන කෙනෙක් කුඩු අරන් එනවා කියලා” යැයි පැවසීය.
අනේ සර් අප ඔය ජරාවැඩ කරන්නේ නැහැ. ජීවිතේට කුඩු දැකලත් නැහැ” මවිතයට පත් සේවකයා පැවසීය. “කෝ බලමු සාක්කු” යතුරුපැදිකරු විමසූ විට සේවකයා තම සාක්කු එකිනෙක පෙන්වන්නට විය. මේක කාමරේ යතුරු මේක මගේ ෆෝන් එක” එවිට යතුරුපැදිකරු පිටිපස්සේ සාක්කුවේ මොනවාදැයි විමසීය.
“මගේ පර්ස් එක” සේවකයා පැවසූ අතර “ගන්නවා බලන්න” යතුරුපැදිකරු අණ කළේය.
එවිට ඔහුගේ මුවින් මත්පැන් ගඳක් වහනය විය. මුදල් පසුම්බිය අතට ගත් සේවකයා එය විවෘත කර පෙන්වූ විට යතුරුපැදිකරු එය ඇද බලන්නට විය. මේකා නම් පොලිසියෙන් නොවේ යැයි සේවකයාට සැකයක් ඇතිවිය. ඒ නිසා ඔහු පාරේ ගමන් කළ තරුණයන් පිරිසකට පොඩි හදිස්සියක් මෙහාට එන්න යැයි පැවසීය. තරුණයින් පැමිණෙනු දුටු හොරා යතුරුපැදිය පණ ගන්වා හවුල්කරු සමග නොපෙනී ගියේය.
මෙම සිද්ධිය අලුත් පාලම යටින් දිවෙන සේදවත්ත මාර්ගයේදී සිදුවී ඇත.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරක්කු ගඳින් පර්ස් එකට විදින තැත වරදී