(ගලිගමුව විශේෂ - රොහාන් කුමාර දිසානායක)
එක කුස උපන් සහෝදරකමට වඩා මුදලට ගිජුව රබර් ගසේ අයිතිය කියමින් එක ගසේ දෙපැත්තේ කිරි කපමින් සිටින අපූරු සහෝදරයන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙන් වාර්තා විය.

කෑගල්ල රංදෙණිය ප්‍රදේශයේ පියෙකුට පුතුන් දෙදෙනකු හා දියණියක සිටින අතර තමන්ගේ රබර් ඉඩමට ළමයි තුන්දෙනාම කැඳවාගෙන ගිය පියා ඔහුගේ සිතැඟි ලෙස සාධාරණව තම ඉඩම බෙදා දුන්නේය.
ලොකු පුතේ මේ රබර් ගහෙන් මෙහා, උඹට මෙතනින් එහා පොඩිපුතාට, මේ කොස් ගහෙන් එහාට දුවට කියමින් සාධාරණ ලෙස සමානව ඉඩම තම ළමුන් තිදෙනාට බෙදා දී ඇත.
තමා සතුව තිබූ සියලුම දේ තම දරුවන්ට බෙදා දුන්නේ තමන් නැති කාලයක ඉඩමට අයිතිය කියමින් මිනී මරාගනියි කියන දුරදක්නා නුවණ එදා පියාට තිබූ බැවින් විය හැකිය.
කාලයාගේ ඇවෑමෙන් පියා මියගිය අතර රබර් ගස් ටිකෙන් ටික වැඩී විශාල ගස් බවට පත්ව තිබිණි. වැටේ තිබූ රබර් ගසක් මායිමේ විශාල වී මායිම මැද්දේ තිබූ අතර පුතුන් දෙදෙනා ගස තමන් සතුකර ගැනීමට උත්සාහ කළ ද එකෙකුට අනෙකා දෙවැනි වූවේ නැත. දෙදෙනාම උදේට උදේට තරගෙට එකගහ දෙපැත්තේ තරගෙට කිරි කැපුවේ එක බඩවැල කඩාගෙන ආ අයිය මලෝ දෙදෙනාට සහෝදරකම අමතක වී සල්ලි ඉස්මතු වූ නිසාය.
එහෙත් ගස තමන් සතු කරගත යුතුයි කියමින් ඉකුත් දිනක කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ලැබී තිබුණි.
පොලිස් නිලධාරීන් ස්ථානීය පරික්ෂණයකට ගොස් සමාදානයෙන් බේරාගැනීමට උපදෙස් දුන්නද ඵලක් නොවූ බැවින් පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ඒ අනුව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට ද ගැටලුව විසඳීමට නොහැකි වී ඇත. එම නිසා තීරණයක් ගෙන නැවත පොලිසිය වෙත පැමිණෙන ලෙස දන්වා ඇතත් නිවසට ගිය අයියා මල්ලි ගහ දෙපැත්තෙන් කිරි කපනවාලු.
කෑගල්ල පොලිසිය විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එම්.ඩබ්ලිව්. යූ.චන්ද්‍රසේකර මහතා සහ පොලිස් සැරයන් ප්‍රේමලාල් මහත්වරු ගැටලුව විසඳීමට පරීක්ෂණ සිදුකරති.
2025 දෙසැම්බර් මස 16
9
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
අයියා මලෝ දෙන්නා අමුතු ක්‍රමයකට කිරි කපලා
himal Thursday, 11 April 2019 07:47 AM
ඔය ඉස්සර ගම්මාන වල මායිමට ගස් හිටෙව්ව එකේ ප්‍රතිඵල තමයි මේ. ඕක පොලිසියට විසඳන්න බෑ. මායිමට නඩු කියන්න වෙනවා.