අපේ‍්‍රල් පළමුවැනිදා ගෝන මස් කන්නට ගිය පිරිසකට ගෝන මසුත් මුදලත් අහිමිවී යෑමේ පුවතක් සීගිරිය, හතරේ කණුව ප‍්‍රදේශයෙන් වාර්තා විය. සීගිරිය හතරේ කණුව ත‍්‍රිරෝද රථ රියැදුරන් පළමුවැනිදා අලූයම නගරයට පැමිණ දඩමස් වලට ගිජුවූ රජයේ නිලධාරීන්ට ගම්වැසියන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ටත් ප‍්‍රචාරයක් හැරියේ ගෝනෙකු මරා මස් තිබෙන බවත් කිලෝවක් රුපියල් 300 බැගින් ලබාදෙන බවත්ය. ප‍්‍රදේශයේ එවැනි සතකු මැරුවහොත් මුදල් එක් අයකු එකතුකොට කැලෑවට ගොස් රහසිගතව මස් පාර්සල් නිවසටම රැගෙන ගොස් දීම සිදුවනනකි. ගෝනමස් කන්නට ගිජුවූවන් රුපියල් 4000ක් තරුණයන් අත තැබුවේ ගෙදරට මස් කිලෝව, දෙක යවන ලෙස ඉල්ලා සිටිමිනි. එ අනුව තරුණයන් කීප දෙනෙකුගේ නිවසේවලට අල කොළවල එතූ ලෑටියා පාර්සල් යවා ඇත. දුන් මුදලට මස් නොමැති බව පවසමින් මුදල දුන් අය තරුණයන්ගෙන් විමසීමට එද්දී ප‍්‍රදේශයේ කසු කුසුව පැතිර ගොස් තිබුණේ අපේ‍්‍රල් පළමුවැනිදා ගෝනමස් කන්නට ගිය පිරිසක් රැවටී ඇති බවයි. එසේ රැවටුණු පිරිස හඳුනා ගැනීමට තරුණයන් පිරිසක් රැඳී සිටින බවයි. ඒ අනුව මුදල් දුන් බොහෝ දෙනා මුදලේ ඇති ආශාව අතහැර දැමුවේ ලැජ්ජාවෙන් බේරීම සඳහායි.
1
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සෙල්ලම් නෙමේ. මේවගේ වැඩවලට සහභාගීවෙන එක්ත වරදක්. සල්ලි දීපු ඔක්කොම ගෙනියන්න ඕන පොලීසියට.
අල කොළවල එතූ ලෑටියා කියන්නේ මොනාද ?
හොද වැඩේ මස් පෙරේතයන්ට
පව් කාරයන්ට ඔහොම වෙලා මදි
නියමයි