IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනියම් බිරියගේ දිෂ්ටිය එළවන්න යද්දී බිරියට යක​ා නැගලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
අනියම් තරුණ බිරියකට වැළඳුණු අමනුෂ්‍ය දෝෂය ඉවත් කරන තැනකට ගිය අනියම් සැමියාගේ සැබෑ බිරිය හා දරුවන් කඩා පැනීම නිසා ශාන්තිකර්මය අතරමග නැවතී එය යකුන් නැටූ පිටියක් බවට පත්වීමේ පුවතක් ඇතුගල්පුර අවට ගම්මානයකින් අසන්නට ලැබිණි.


සිද්ධිය මෙසේය.


ඇය එක්දරු විවාහක තරුණ මවකි. ඇයගේ සැමියා ඇයගෙන් වෙන්ව ගොස් සිටී. මේ අතර විවාහක දෙදරු පියෙකු සමග ඇය අනියම් ඇසුරක් පවත්වා ගත්තාය. ඇය නිතර නිතර රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙන නිසා ඇය සුවපත් කරන්නට එම සැමියා දැඩි කැපකිරීමක් කර ඇත.


සුව නොවන තැන ඇය දේවාලයකට රැගෙන ගිය පසුව මියගිය ඥාතියකුගේ බැල්ම නිසා එම තත්ත්වය ඇති වෙන බවත්, එම අමනුෂ්‍ය දෝෂය ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් කට්ටඬියා පවසා තිබේ.


ඒ අනුව ඒ සඳහා ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලන ගම්මානයක කට්ටඬියකු සොයා ඔවුන් එහි ගොස් ඇත.


අවශ්‍ය දෑ ද, ඇයද කැඳවාගෙන අවශ්‍ය තැනට යාමට නියමිත දිනයේ අනියම් සැමියා සියල්ල සූදානම් කළේය.


 ඒ බව ඔහුගේ නීත්‍යානුකූල බිරියටද, එම දරුවන්ටද කල් වේලා ඇතිව දැන ගන්නට ලැබුණි. ඔවුහුද තවත් පිරිස් කැටුව එතැනට ගොස් ඒ අවට නිවසක රැඳී එහි සිදුවන සියල්ල දෙස බලා සිටියහ.


මැදියම් රැයේ ඇයට මියගිය ඥාතියා ආරූඪ කරවා ඇය අසිහියෙන් කෑ ගසනවාත් සමගම ඇය මෙල්ල කිරීමට කට්ටඬියාද දේව ආරූඪයෙන් කටයුතු කරන අතරවාරයේ නියම සැමියාගේ බිරිය හා සැඟවී සිටි පිරිස් එතැනට කඩා පැන සැමියාට දිගට හරහට පහර දෙන්නට වූහ.


එන පොට හොඳ නැති බව වටහා ගත් සැමියා වහා එතැනින් පැන දුවන අතරවාරයේ පැමිණි පිරිස් යහන් ගොටු, මල් පැළවල් කඩා සුණු විසුණු කර දමා ඉන් පලාගොස් තිබේ.

සිහියෙන් සිටි කතටත්, ආරූඪව සිටි කට්ටඬියාටත් ප්‍රකෘති සිහිය ලැබුණු නමුත්, අතරමග නැවතුණු ශාන්තිකර්මය නිසා ගතමනාව ගැනීමට නොහැකිව කට්ටඬියා ලතවෙන බවටත්, අනියම් කතගේ අමනුෂ්‍ය දෝෂයද ඉබේටම ඉවත්ව ගොස් සිද්ධිය එළිවීම නිසා ඇයද ලජ්ජාවෙන් පසුවන බවටත් ආරංචි වෙයි.

 



අදහස් (0)

අනියම් බිරියගේ දිෂ්ටිය එළවන්න යද්දී බිරියට යක​ා නැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 59 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site