IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


අනියම් බ්රිඳට යුතුකම ඉටු කරන්න ගිහින් රැයක් පුරා ළිඳක් ඇතුළේ

රැයක් ගතකිරීමට තම නිවසට පැමිණෙන ලෙස අනියම් බිරිඳගෙන් ලැබුණු ඇරැයුමක් අනුව පසුගිය දිනක එහි යන අතර ඒ අසල අලුතින් කපමින් තිබූ ළිඳකට ඇදවැටුණ අනියම් සැමියාට පසු දින පහන්වන තුරු එම ළිඳ තුළටම වී ඉන්නට සිදුවූ පුවතක් හිරියාල ප්‍රදේශයේ එක්තරා ගමකින් වාර්තා වේ.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


‘‘වයස අවුරුදු තිස් පහක් පමණ වන ඇය වසර හයකට පමණ කලින් සැමියා මියගිය එක් දරු මවකි. තම දරුවා සමග නිවසෙහි තනිව සිටි ඇය, අල්ලපු ගමේ, වයස අවුරුදු හතළිහක් පමණ වන විවාහකයකු සමග අනියම් හාදකමක් ඇතිකරගත්තාය.


මෙය රහසක් ලෙස තබාගැනීමටද ඇය වගබලා ගත්තාය.


මාස කීපයක් ගත වූ නමුත් ඇයට ඔහු සමග හරිහැටි කතාබස් කරන්නට වත් ඉඩක් නොලැබීම නිසා බොහෝ දුර කල්පනාකොට සිය නිවසෙහි රැයක් ගත කරන්නට පැමිණෙන ලෙස ඔහුට ඇරයුම් කළාය.


ඒ අනුව ඔහු පසුගිය දිනෙක තම විවාහක බිරිඳට හා නිවසෙහි සෙසු අයට දුර ගමනක් යන බව පවසා පිටත් වී ඇත.


හොර ගමන යා යුතු නිවසට කිලෝ මීටරයක් පමණ යායුතු වූ නමුත් කිසි දිනක එම නිවසට ගොස් නොමැති ඔහු එහි යන්නට අදහස් කළේ ඇගෙන් ලැබුණු මාර්ග විස්තරය අනුවය.


එහෙත් ඔහුට පාර වැරැදී වෙනත් නිවසකට රිංගන්නට සූදානම් වෙද්දී, එම නිවසෙහි පසුපස ගෙවත්තේ අලුතින් කපා බඳින්නට ඔන්න මෙන්න කියා තිබූ ළිඳකට ඇදගෙන වැටිණි.


බරපතළ තුවාලයක් නොවී ඔහු බේරුණේ අනූනවයෙනි. එහෙත් තමන් ආවේ හොර ගමනක් නිසාත් ගොඩට එන්නට මගන් නොවූ නිසාත් පසුදින එළිවන තුරු නිහඬව සිටින්නට ඔහුට සිදුවිය.


පසුදින උදේම ළිඳ බඳින අදහසින් පැමිණි මේසන් බාස්වරුන්ට ළිඳ තුළ අමුත්තකු සිටීම ප්‍රහේළිකාවක් විය.


ළිඳ පිහිටි නිවස හිමිකරු ඔහු හොඳින් දන්නා හඳුනන අයකු නිසා කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයට පත්විය.


මේ අතර ‘මිනිහෙක් ළිඳට වැටිලා’’ යන ආරංචිය පැතිර යාමක් සමග අසල්වාසිහු රැස්ව ඔහු ගොඩට ගත්හ.


එතැනින් කෙසේ හෝ මාරු වූ නමුත්, ඔහු තම නිවසට යන තෙක්, ඔහුගේ විවාහක බිරිඳ බලා සිටි බව දැනගන්නට ඇත.

(හිරියාල රත්නසිරි හෙට්ටිගේ)



අදහස් (0)

අනියම් බ්රිඳට යුතුකම ඉටු කරන්න ගිහින් රැයක් පුරා ළිඳක් ඇතුළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1204 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 440 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site