IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


අනුන්ට උදව් කරන්න ගිහින් මිනියක් බාරගන්න වෙලා

(රුවන් පතිරණ, ජයරත්න විල්ලර)

විවාහක බිරිය සැමියාගේ මළ සිරුර බාර ගැනීමට අකමැති වූ නිසා අසනීප තත්ත්වයෙන් සිටියදී ඔහු රෝහලට බාර දුන් පුද්ගලයාටම මළ සිරුර බාර ගැනීමට සිදු වූ පුවතක් වරකාපොළ පොලිසියෙන් වාර්තා වෙයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ගංගොඩවිල ආරච්චිලාගේ ශාන්ත කුමාර (58) නමැති පුද්ගලයකු බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

වරකාපොළ නගරයේ පාවහන් අලූත්වැඩියා කිරීම මොහු රැකියාව වශයෙන් කරගෙන ගොස් ඇති අතර පසුගිය දින කිහිපයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් වරකාපොළ ශ‍්‍රී ලංගම බස් නැවතුම්පළෙහි ලැගුම් ගෙන සිටියද කිසිවකුත් ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වී නොමැත.

එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි වරකාපොළ ප‍්‍රාදේශීය සභාවේ සුළු සේවකයෙකු වන මූකන් අලගිරි ගුනාලන් යන අයෙකු විසින් මොහු වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊට දින කිහිපයකට පසු ශාන්ත කුමාර යන අය මියගොස් ඇති නමුත් මෘත ශරීරය බාර ගැනීමට කවුරුන් හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් මොහුගේ ඥාතීන් සොයා යාමට වරකාපොළ පොලිසියේ පොලිස් සැරයන් (17170) ජයසේන මහතාට සිදුවිය.

දින කිහිපයකට පසු මිය ගිය අයගේ බිරිය වේයන්ගොඩ බාදුරාගොඩ ප‍්‍රදේශයේ සිටියදී සොයා ගැනීමට හැකිවී ඇති අතර වරකාපොළ රෝහලේදී මියගිය අය තමාගේ සැමියා බවට ඇය හඳුනා ගත්තද ඇය විසින් පොලිසියට පවසා ඇත්තේ මෘත ශරීරය ඇයට භාර ගැනීමට නොහැකි බවයි.

 පසුව මියගිය අය රෝහල වෙත භාරදුන් ගුනාලන් යන අය මෘත ශරීරය භාරගෙන ඔහුගේ වියදමින් වරකාපොළ අඹේපුස්ස පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකර තිබිණ.

වරකාපොළ පොලිස් ස්ථානාධිපති එච්.එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (17170) ජයසේන මහතා පරීක්ෂණ  පැවැත් විය.



අදහස් (3)

අනුන්ට උදව් කරන්න ගිහින් මිනියක් බාරගන්න වෙලා

bamunu Wednesday, 26 July 2017 06:37 AM

ඔන්න ඔය හේතු නිසා තමයි අනතුරක් වෙලා පාරේ වැටී සිටින කෙනෙකුව කෙනෙක් ඉදිරිපත් වී ඉස්පිරිතාලයකට ගෙනියන්නේ නැත්තේ. නමුත් කියන්නේ මිනිස්සු පොටෝ ගහ ගහ ගියා මිස ඉස්පිරිතාලයකට ගෙනියන්න උදවු වුණේ නැහැ කියලා. නියම හේතුව උදව් වෙන්න ගිය කෙනා උසාවි ගානේ යන්නත් ඕනේ සාක්කි දෙන්න.

:       0       125

de silva berlin Thursday, 27 July 2017 09:28 PM

මෙතන නිතිය හරියට ක්‍රියාත්මක වෙලා නැහැ ,පුරවැසියෙක් අසනීපයක් වෙලා හෝ අනතුරක් වෙලා මහමග වැටිලා ඉන්නවනම් තම දැනුමේ හා ශක්ති ප්‍රමාණයෙන් ඔහුට උදවු කිරීමට හෝ පොලිස් නිලධාරියකුට හෝ වගකිවයුත් කෙනෙකුට දැන්වීමට පුරවැසියන් නීතියෙන් බැදී සිටිති , පුරවැසියෙක් මිය ගියහම ඔහුගේ මෘත ශරීරය අයිති රජයට , නෑයෙකු ගේ හෝ වෙන යම් අයකුගේ ඉල්ලීමට මෘත ශරීරය අවසාන කටයුත් කිරීමට භාර දුන්නත් එහි පරම අයිතිය ඇත්තේ රජයට , ලෙඩාව රෝහලට ගෙන ගිය පුද්ගලයට හෝ නෑයෙකුට බලහත්කාරයෙන් මෘත ශරීරය භාරදීමට රෝහල් බලධාරීන්ට නීතියෙන් අවසර නැත , කිසිවකු ඉදිරිපත් නොවුවොත් රජයේ වියදමින් අවසාන කටයුතු කල යුතුය ,

:       0       5

aravinda Friday, 28 July 2017 01:40 AM

බමුණු ගේ කතාව සම්පූර්ණ ඇත්ත. ප‍්‍රාදේශීය සභාවේ සුළු සේවකයෙකු වුවත්, ඔහු මේ අවස්ථාවේදී කල දේ ගැන අප සියලු දෙනාම අගය කල යුතුයි.

:       0       253

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 568 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 496 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site