වයඹ ප‍්‍රදේශයේ නිවසක සිටි තරුණියක හිටි හැටියේම නිවෙසින් අතුරුදන් වූවාය. වයසින් අවුරුදු 20ක් වූ ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මවුපියෝ කටුපොත පොලිසියට පැමිණිල්ලක් ද කළහ. දින දහයක් පමණ ගත වුවද ඇය ගැන හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. නමුත් ඇයගේ ජංගම දුරකතනයට හිමි අංකයෙන් ඇගේ මාපියන් හට වරින් වර කෙටි පණිවිඩ එවීම ඇය විසින් කරන ලද අතර, ඒ සෑම විටෙකදීම ඇය හා සම්බන්ධ වීමට මාපියන් ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ විය. ඊට හේතුව කෙටි පණිවිඩය යැවූ සැණෙකින් ජංගම දුරකතනය ඇය විසින් ක‍්‍රියා විරහිත කර තිබීමයි. ”අම්මේ, ඔයගොල්ලො බයවෙන්න එපා. මම හොඳින් ඉන්නවා” ආදී ලෙසින් වූ පණිවිඩ ඇය විසින් එවා තිබූ අතර, මවුපියන්ගේ ද මතය වූයේ කිසිවෙකු විසින් ඇය සිරගත කර රඳවා තබාගෙන ඇති නිසා දුරකතනයෙන් කතා නොකර, රහසින් මෙම කෙටි පණිවිඩ තමන් වෙත ලැබීමට සැලැස්වීමට තම දියණිය කටයුතු කරනු ඇති බවයි. නමුත් පොලිසිය විසින් ඇයගේ බැංකු ගිණුම පරීක්ෂා කළ විට හෙළිවූයේ කුලියාපිටියේ සුප‍්‍රසිද්ධ බැංකුවක තැන්පත් කර තිබූ ඇයගේ ගිණුමේ මුදල් කිසිවෙකු විසින් රැුගෙන ඇති බවත්, එසේ රැුගත් මුදල් වෙනත් ගිණුමක තැන්පත් කර ඇති බවත්ය. එම නව ගිණුමට හිමි ලිපිනය ලෙසින් සඳහන් වූයේ ඉංගිරිය, ප‍්‍රදේශයේ ලිපිනයකි. ඉන් පසු ඉංගිරිය පොලිසිය විසින් පරීක්ෂණ ඇරඹූයේ අතුරුදන් වූ තරුණිය සොයා ගැනීමටයි. එහිදී ඇය තරුණයෙකු ද සමග සිටියදී පොලිසියට හමුවිය. ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවූයේ ඇය අවුරුදු 23 ක් වූ මෙම තරුණයා සමග සිය කැමැත්තෙන්ම විවාහ වී ඔහු සමග මෙම නිවසට පැමිණි බවයි. අතුරුදන් වූ තම දියණිය නැවත නිවසට කැඳවාගෙන යෑමට පැමිණි ඇගේ මවුපියන් සුසුම් හෙළමින් ඉංගිරිය පොලිසියෙන් පිටව ගියේ කසාද සහතිකය ඉදිරිපත් කර ඇය අතුරුදන් වූ බවට කළ පැමිණිල්ල කටුපොත පොලිසියෙන් ඉවත් කර ගැනීමටය. තරුණිය ඉතා සතුටින් තම සැමියා ද සමග නිවසට පිටත්ව ගියාය. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් (56378) මංජු සහ පොලිස් ආරක්ෂක (309* ශ්‍රීමාල් මහත්වරු පරීක්ෂණ පැවැත් වූහ.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන් දියණිය පොලිසියට කසාද සහතිකය දී පෙම්වතා සමඟ ගිහින්
දුන්නොත් කන්නම් Wednesday, 25 January 2012 02:14 AM
මෝඩ දියණිය .. මගුලත් වැඩි කලක් යන්නේ නැ....
රවීන්ද්‍ර රණතුංග Thursday, 26 January 2012 08:08 AM
දෑවැද්ද දෙන්න වෙන නිසා පැනල ගියා වෙන්න පුලුවන්
තරු Thursday, 26 January 2012 10:08 AM
පව් නේද?
කාවින්දි Tuesday, 24 January 2012 11:23 AM
දෙමාපියන්ට මෙහෙම දුක් දෙන එක ලොකු පවක්. මේ තරුණ යුවලත් දරුවෝ ඉන්න වැඩිහිටියො බවට පත් උනාම තේරෙයි දවසක තමාගේ මවුපියන්ට දුන්නු වේදනාවේ තරම.
ෆාරු Tuesday, 24 January 2012 12:36 PM
දෙමාපියන්ගෙන් අවසර ගන්න තිබ්බා. බය වෙන්න දෙයක් නෑනෙ