(සුජිත් හේවාජුලිගේ)
සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් 19 දෙනෙකු කොළඹ, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
නාවික හමුදා සාමාජිකයන් කිහිප දෙනකුද ඒ පිරිසේ සිටින බව ඔහු සඳහන් කළේය .
සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරටින් එකවර සොයා ගැනුණු ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ පුද්ගලයන් වැඩිම සංඛ්‍යාව මෙය වෙයි.
මේ අනුව මෙරටින් මෙතෙක් හමුවී ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 38කි.
මේ රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් පැහැදිලිව හඳුනාගෙන අවශ්‍ය සෞඛ්‍යමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇතැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මෙම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් දහනව දෙනා හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.
අලුතින් සොයා ගැනුණු මෙම ඩෙල්ටා ආසාදිතයන් පිළිබඳ වාර්තාවක් එම අධ්‍යයන අංශය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (15) බාරදෙනු ලැබීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් බේරෙන්න අපිට හැකිවෙයිද? මේ සංඛ්‍යාව මෙතැනින් නවත්වා ගන්න සෞබ්‍ය පුරුදු තවත් දැඩිකරන්න වෙයිද?
දැන් කොරෝනා කැම්පේන් ඉවරයිද? සැර ඩෙල්ටා වවන් කන්නද හදන්නේ ඒ පාර...? ජයවේවා..!!!