(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම නගරයේ පිහිටි බැංකුවක සේවිකාවක කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීම හේතුවෙන් බැංකුව අද(15) වසා දැමූ බව  මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත  සෝමරත්න මහතා සඳහන් කළේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එහි සේවක සේවිකාවෝ 13දෙනකු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත්හ.

කොරෝනා ආසාදනය වී ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ සිට සේවයට පැමිණි සේවිකාවකට ය.

මේ හේතුවෙන් බැංකුව වහා ම වසා දමා විසබීජහරණය කිරීමට පියවර ගෙන ඇත.