
(ජේ.කේ.එල්. චාමින්ද)
දකුණු පළාතේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 681 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 400දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 224 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු වාර්තා වී ඇති බවද ඒ මහතා පවසයි.
ඊයේ (21) දකුණු පළාතෙන් කොරෝනා නව ආසාදිතයන් 11 දෙනෙකු හමුවී ඇත. ගාල්ල මහනගර සභාවෙන් රෝගීන් 06 දෙනෙකු දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගීන්04 දෙනෙකු, මාතර මහනගර සභා බල ප්‍රදේශයෙන් එක් රෝගියකු හමුවී ඇති බවද ඒ මහතා පවසයි.
මේ වනවිට කොරෝනා ආසාදනය වී සුවවීමෙන් පුද්ගලයින්258 දෙනෙකු නිවෙස්වලට ගොස් ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 167 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ 68 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 23 දෙනෙකු කොරෝනා රෝගය සුව වීමෙන් නිවෙස්වලට ගොස් ඇත.
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 798කට අයත් පුද්ගලයින්2015 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 489කට අයත් පුද්ගලයින් 1640 දෙනෙකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 432කට අයත් 713 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද, ඒ අනුව දකුණු පළාතේ පවුල් 1719කට අයත් පුද්ගලයින් 4635 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද චාමර මහගමගේ මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට