(ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සේවය කරන සේවකයින් සහ නිලධාරීන් 1500 දෙනෙකුට අද (21) වනවිට කොරෝනා මර්දනය සදහා එන්නත් ලබා දී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අලෙවි කළමනාකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතා පැවසීය .
ඒ අනුව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ විවිධ ක්ෂේත්‍ර වල සේවය කරන සේවකයින් සහ නිලධාරීන්ට ද , ගුවන් තොටුපළ ආරක්ෂක රාජකාරීවල නිරත වී සිටින ශ්‍රී ලංකා යුධ හමුදා , ගුවන් හමුදා , පොලිස් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු , ආගමන විගමන දෙපාර්තමේන්තු , ශ්‍රී ලංකා රේගු , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ , ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ නියැලී සිටින නිලධාරීන් සහ සේවක පිරිස් වෙත ද මෙම එන්නත් ලබා දී තිබේ .
මෙම එන්නත් ක්‍රියාවලිය පසුගිය 17 දා දින කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ දී ආරම්භ කළ අතර , එන්නත් ලබා දී නොමැති ඉතිරි සේවකයින් සහ නිලධාරීන් වෙත ඉදිරි දින වලදී ත් මෙම කොරෝනා මර්දන එන්නත් ලබා දීමට නියමිතය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අත්‍යාවශ්‍ය කාරණයක්... ස්තුතිය අපෙන්...