(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ ඉකුත් දින දෙත තුළ කොරෝනා ආසාදිතයන් 13 දෙනකු මියගොස් ඇතැයි කොවිඩ් 19 වැලැක්විමේ දකුණු පළාත් මෙහෙයුම් මැදිරිය පවසයි.
අම්බලන්ගොඩ කුලිගොඩ 67 හැවිරිදි කාන්තාවක්ද ,ඇල්පිටිය රජමහා විහාර මාවතේ 51හැවිරිදි කාන්තාවක්ද.පිටිගල අමුගොඩ 78හැවිරිදි කාන්තාවක්ද.කරන්දෙණිය ඉහල නයිදේවෙල 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද,ගාල්ල ධර්මරාජ මාවත 75හැවිරිදි කාන්තාවක්ද,වඳුරඹ කටඹුරාව 91 හැවිරිදි කාන්තාවක්ද.හබරාදුව අඟුලුගහ 70හැවිරිදි පුද්ගලයෙක්ද.රත්ගම පල්ලියපිටිය 50හැවිරිදි කාන්තාවක්ද,බූස්ස දෝලිකන්ද 84හැවිරිදි කාන්තාවක්ද, බුස්ස කදුරුපේ 85හැවිරිදි කාන්තාවක්ද, තල්පේ වැල්ලේතොට 84හැවිරිදි පුද්ගලයෙක්ද, හික්කඩුව කුරුඳුවත්ත 86හැවිරිදි පුද්ගලයෙක්ද,උඩුගම 88හැවිරිදි කාන්තාවක්ද මෙසේ මිය අය අතර වෙති.
මෙම 25 සහ 26 වැනි දින දෙක තුළ මෙම මරණ සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd