(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 1295 දෙනෙකු අද (4) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බවත් මින් 147 ක් වන වැඩිම සංඛ්‍යාව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම සීදූව - 129ක්, මහර - 126ක්, බියගම - 125ක්, අත්තනගල්ල - 110ක්, වත්තල - 107 ක්, කටාන - 104ක්, මිනුවන්ගොඩ - 91ක්, දිවුලපිටිය - 85ක්, කැලණිය - 75ක්, ජාඇල - 63ක්, දොම්පෙ - 48 ක්, මීගමුව - 46ක්, රාගම - 25ක් සහ ගම්පහ කොට්ඨාසයෙන් - 14දෙනෙකු වශයෙනි.

දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 51 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකින් - 48 දෙනෙකු සහ බියගමින් තිදෙනෙකු වශයෙන් සිදුව ඇත.

අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ආසාදිතයින් 308 දෙනෙකු ඇතුලත් කොට ඇති බවත් සැක සහිත රෝගීන් 213 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,005 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.