
(නිමල කොඩිතුවක්කු)
ලක්ෂ 220 ක වන රටේ සමස්ත ජනතාවට කොවිඩ් එන්නත නොමිලේ ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කොවීඩ් එන්නත ජනතාවට ලබා දෙන ක්‍රමවේදය පිළිබඳවත් වහාම රටට හෙළි කරන ලෙසද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
"සත්කාරය" විපක්ෂ නායක ජංගම සේවයට නොරොච්චෝලේ ප්‍රදේශයේදී එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
කොවීඩ් මර්දන එන්නත ලබාදීම රටේ ප්‍රමුඛතම කාර්යය විය යුතු බවත් ඒ සඳහා විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
ඉස්සෙල්ලාම කියන්න ඔබ මේ එන්නත විදගත්තාද?
එය වියයුතුයි...
පිළිවෙළ තමයි මුලින්ම දේශපාලනය කරන අය සහ ඒ අයගේ හෙංචයියන්. ඊළඟට බලපුළුවන්කාරයින් ටිකට. ඉතිරි වුණොත් රටේ මිනිස්සුන්ට...
රටේ නායකත්වය ගන්න බලාගෙන ඉන්න අය කියන ඒවා ඇහෙනකොට රට ගැන දුක හිතෙනවා. ඇයි ඔක්කෝටම දෙන්න ඕනේ නිකන්... රටේ සල්ලි තියෙන අයට නිකන් දෙන්න ඕනේ නෑ. ගෙවන්න ඕනේ අයට ගෙවලා ගන්න කියලා නැති බැරි අයට තමයි ආණ්ඩුවෙන් නිකන් දෙන්න ඕනේ. දැන් ගොඩක් පුද්ගලික ආයතන පිටින් ඉන්ෂුවරන්ස් කරලා තියෙන්නේ... ඉතින් එ් අයට ගෙවලා ගන්න පුළුවන්...
මට නම් තේරුමක් නැහැ මේ පුතාණෝ කවුද කියලා.. මට පේන විදියට මෙයාට අර එයාම කියපු බෙහෙතම තමයි දෙන්න වෙන්නේ...
ඉස්සෙල්ලාම එන්නත ගෙන්වා ගෙන අවදානම වැඩි අය පටන් අඩු අයට එන්නත් කරනවා. සෞඛ්‍ය අංශ අධීක්ෂණය යටතේ...
ලංකාවේ කවද්ද දෙයක් පිළිවෙලට කියලා කලේ?
මෙයා හැමදාම කට ඇරලා ලකුණු කපා ගන්නවා. ඔය යන තැන්වලට ගිහිල්ලා ප්‍රශ්නවලට පිළියම් දීලා තියෙනවද? කියන්නේ අපේ ආණ්ඩුවක් ආපු දාට කරන්නම් කියලා. නොකෙරෙන දීග ගැන කතා කරනවා. ආණ්ඩුව එන්නතෙන් ලකුණු එකතු කරනවා. මෙයාගේ උපදේශකයන් පත්කරලා තියෙන්නෙ ආණ්ඩුවෙන්ද කොහෙද?
ඔබතුමා සංස්කෘතික අරමුදල අවභාවිතා කළේ නැත්නම් ලේසියෙන් මුලු රටටම එන්නත දෙන්න තිබුණා..
මොකකින්හරි ලකුණු දාගන්න බලනවා.
මීට ටික දොහකට කලින් කිව්වා මේ එන්නත පලරහිතයි කියලා දැන් කියනවා විදින්න ලු !! වාසනාවට මේ වගේ උන්නැහේලට රට ගියේ නැත්තේ...
මේ මනුස්සයා කවදාවත් හරි ට්‍රැක් එකට වැටෙන්නේ නැහැ..
පුතාණෝ කට ඇරියොත් විනාසයි.. මෙයාට දෙන්න ඕනෑ මෙයා කියපු බෙහෙතම තමයි.
මොනවාහරි හොඳ දෙයක් කතා කළොත් ඒකටත් අපේ අය කකුලෙන් අදිනවා.
කට ඇරියොත් ඉතින් රෙදි ගලවන "පුතාණෝ" කෙනෙක්...
මෙය කව්ද හෙළි කරන්න? හෙළි කරයි බලාගෙන ඉන්න.