
කොවිඩ් -19 වසංගතයට ගොදුරුවීමෙන් ඉන්දීය වෛද්‍යවරු 201 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම් වෛද්‍ය ආර්.වී අසෝකන් මහතා උපුටා දක්වමින් එරට ඒ.එන්.අයි පුවත්සේවය මේ බව වාර්තා කර ඇත.
එසේම තවත් වෛද්‍යවරුන් 17 ,064 දෙනෙකු එම වයිරස ආසාදනය වී රෝහල්වලට ඇතුළත් නොවී සිටින බවද ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම්වරයා කියා සිටී.
එබැවින් වෛද්‍යවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ක්‍රියාකරන ලෙස, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය ඉල්ලා සිටී.
ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම් වෛද්‍ය ආර්.වී. අශෝකන් ඒ.එන්.අයි පුවත් සේවය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ “වසංගතයක් මධ්‍යයේ වෛද්‍යවරුන්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා අපි අගමැතිට ලිපියක් ලිව්වා. අසනීප වී සිටින වෛද්‍යවරුන්ට ප්‍රතිකාර සඳහා අවධානයක් යොමුවී නැහැ.ඔවුන් රෝහල්වලට පවා ඇතුළත් කර නැහැ. ඔවුන්ට විශේෂ අවධානයක් හා ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි. ආසාදිත වෛද්‍යවරුන් 17, 064 ක් සිටින අතර අද වෛද්‍යවරුන් 201 ක් මියගිහිං”
පසුගිය පැය 24 තුළදී කොරෝනා ආසාදිතයින් 64,000ක් හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඉන්දියාවෙන් හමු වී ඇති මුළු ආසාදිතයින් ගණන 2,153,010.
(ඒ.එන්.අයි. පුවත් සේවය ඇසුරෙනි)
125
2025 දෙසැම්බර් මස 18
310
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වෛද්‍යවරු 200ක් මියගිහින්