
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහායකවරයකු කොරෝනා ආසාදිත බවට තහවුරු විමෙන් පසුව අද (30) දිනයේ සිට එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය හේතූන් මත තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පවසයි.
ඒ අනුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිරෝධායනයට ලක්කළ යුතු පිරිස් හඳුනාගෙන ඔවුන් නිරෝධායනය සඳහා යොමුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඒ සඳහා සෞඛ්‍ය කණ්ඩායම් මේ වන විට එහි ගොස් සිටින බවද ඒ මහතා කීය.
මීට දින දෙකකට පෙර පී.සී.ආර්.පරීක්‍ෂණ සිදු කරනු ලැබූ ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් අතුරින් මෙම කොරෝනා ආසාදිතයා අලූතින් හමුවූ බවද හෙතෙම පැවසීය.
ලංකාපුරින් හමුවූ කොරෝනා ආසාදිතයා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අංගොඩ උණ රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි ද වෛද්‍ය කුමාරවංශ මහතා කීවේය.
මීට පෙරද ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරියකු කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වූ බව පොලොන්නරුව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසාදිතයකු හමුවීමෙන් ලංකාපුර ප්‍රා.ලේ කාර්යාලය වහයි
කේ.ඩබ්. ආනන්දසිරි Thursday, 30 July 2020 06:08 AM
මැතිවරණ රාජකාරි සඳහා බාධාවක්...
දුෂ්මන්ත ලමාහේවා Thursday, 30 July 2020 06:57 AM
මේ අහුවෙන්නේ සාමාන්‍ය සමාජයෙන්. ඡන්දෙන් පස්සේ නගී. ටැක්සි මීටරේ වගේ...
සෝමකීර්ති Friday, 31 July 2020 12:47 AM
එම කාර්යාලයේ පමණක් නොව සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාවල දැව හෙලීම් කටයුතු කරන නිලධාරින් සහ ප්‍රවාහන බලපත්‍ර කටයුතු කරන අයත් අල්ලස නැමති බලවත් රෝගයෙන් පෙලෙන නිසා ඔවුන්ද නිරෝධායනය කළයුතුයි..
tharindu Friday, 31 July 2020 01:33 AM
එතකොට දැන් කොරෝනා සමාජගතවෙලා නැතිනම් කොහොමද මේ පුද්ගලයාට වැළඳුණේ? අහසින් කඩාපාත් වෙලාවත්ද?