IMG-LOGO

2023 ජුනි මස 01 වන බ්‍රහස්පතින්දා


සංචාරක අනතුරු හැඟවීම ලිහිල් කිරීමේ වාසිය නෙළාගනිමු

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් කම්පනයෙන් ප්‍රකම්පනයට පත්ව සිටි අපේ සංචාරක ව්‍යාපාරයට යාන්තමින් සැනසුම් සුසුමක් හෙළිය හැකි තොරතුරක් පසුගියදා රටට ලැබුණේය. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට එරෙහිව රතු එළිය දල්වා තිබූ ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් එම අනතුරු ඇඟවීම කහ එළිය දක්වා අඩුකර තිබීම එම තොරතුර විය. කොළ එළිය දැල්වීමට පෙර එනම් අනතුරු ඇඟවීම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පෙර සූදානමකි. අනතුරු ඇඟවීම ලිහිල් කළ රටවල් අතර චීනය, ඉන්දියාව, ජර්මනිය, ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය වෙයි. ඊට අලුතින්ම එකතු වූයේ ශ්‍රී ලංකාවට එන සංචාරකයන් අතුරින් තුනෙන් එකකට වගකියන මහා බි්‍රතාන්‍යයයි. එය පණ අදිමින් තිබූ මෙරට සංචාරක ව්‍යාපාරයට යළි ප්‍රාණය ලබාදෙන ප්‍රබල එන්නතක් බවට කතා දෙකක් නැත.

විදෙස් රටවලට සංචාරය සඳහා යන තම වැසියන්ට එරෙහිව පනවා ඇති තහනම බලවත් රටවල් මගින් ලිහිල් කිරීම සෙසු රටවලද අවධානයට යොමුවීම බලාපොරොත්තු විය යුතුය. එය එම රටවල්වලින් ද ශ්‍රී ලංකාවට සංචාරකයන් එවීමට බලවත් උත්තේජනයක් ලබාදීමකි. සියල්ල යහපත් අයුරින් සිදුවුවහොත් මීළඟ සංචාරක වාරය එළඹෙන අවස්ථාව වනවිට අඩුම තරමින් දැනට අපේක්ෂිත මට්ටමට වඩා සියයට 20කින් හෝ ඉහළ යාමක් කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකිය. එම බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත්කර ගැනීමේ වගකීම මේ රටේ සෑම පුරවැසියකුටම පැවැරෙන බවත් මෙහිදී අමතක නොකළ යුතුය. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම මේ රටේ දරු පවුල් ලක්ෂ ගණනාවකගේ බඩ කට පුරවන කර්මාන්තයක් වීම ඊට හේතුවය. 

මහා බි්‍රතාන්‍යය මුලින්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන තම රටවැසියන්ට කියා තිබුණේ අත්‍යවශ්‍යම කාරණයකට හැර ශ්‍රී ලංකාවට නොයන ලෙසටය. පසුගිය සතියේ එම තහනම ලිහිල් කරමින් ප්‍රකාශ කර තිබුණේ අත්‍යවශ්‍ය නොවන කාරණාවලට වුවද දැන් බි්‍රතාන්‍ය වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකි බවය. එසේම කිසිදු සංචාරක ගමනාන්තයක් සියයට සියයක්ම ආරක්ෂිත බවට සහතිකයක් දිය නොහැකි බවත් ත්‍රස්ත ප්‍රහාරවලට ඉදිරියේදීත් ඉඩකඩ තිබෙන බව සිහියේ තබාගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුතු බවත් බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශයේ සඳහන් වී තිබිණි. මේ කාරණා ශ්‍රී ලංකාවේ සියලු_ ජනකොටස් නියෝජනය කර සෑම වැසියකු විසින්ම තදින්ම අවධානයට ගැනීම අවශ්‍යය. ආවේගශීලීව කටයුතු කරමින් මෝඩයන් සේ හැසිරීම රටේ සියලුම ජනතාව අමාරුවේ දැමීමක් බව සියලු_ දෙනා වටහාගත යුතුය.

සංචාරක ව්‍යාපාරයෙන් මේ වසර තුළදී ලැබිය හැකි ආදායම වශයෙන් ගණන් බලා තිබුණේ ඩොලර් බිලියන 3කි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සමඟ සසඳන කළ මෙය විශාල ආදායමකි. විදේශ විනිමය උල්පතකි. මේ ආදායම පාස්කු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඩොලර් බිලියන 1.5ක් තරමට හෝ ඊටත් වඩා පහළ බසිනු ඇතැයිද ගණන් බලා තිබිණි. එහෙත් රටේ ආරක්ෂක තත්ත්වය හැකි ඉක්මනින් ආසන්න යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබීමෙන් මේ තත්ත්වය වෙනස් කරගැනීමට අවස්ථාව පෑදෙමින් තිබේ. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සංචාරක කර්මාන්තයේ සියලු_ පාර්ශ්වවලට හැකියාව ලැබුණොත් එය රටට විශාල යහපතක් වනු ඇත.

සංචාරක ව්‍යාපාරයේ තත්ත්වය හරිහැටි නඩත්තු කරගැනීම ද මෙහිදී අවශ්‍යම කාරණාවකි. මෙරටට පැමිණෙන සංචාරකයන් සිනහවෙන් පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නැත. ඔවුන් ආපසු යනවිට සොඳුරු සිහිවටනවලින් පිරි අමරණීය සංචාරයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ගමන සිත්හි රැඳී තිබේ නම් එය අපේ රට ගැන එතෙරට යන හොඳම “ඇඞ්” එක වනු ඇත. එය සිදුවන්නේ සතයකුදු වැය කිරීමකින් තොරව වීම එහි ඇති වැදගත්ම සාධකයයි. මේ වගකීම හරිහැටි ඉටුකිරීම ජනතාවගේ කාර්යභාරයකි. 

ශ්‍රී ලංකාවට පැමිණීමේ තහනම ලිහිල් කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා අවශ්‍ය සියලු_ පහසුකම් කිසිදු බාධාවකින් තොරව සපයා දීම ආණ්ඩුවේ වගකීම වෙයි. සංචාරක කටයුතු මෙහෙයවීම සඳහා මණ්ඩල ගණනාවක් පිහිටුවීම හෝ කමිටු පත්කිරීම හෝ වැඩක් නැත. ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමැති කිහිප දෙනකුට මේ කාර්යය ඉටුකිරීමට හැකියාව තිබේ. දේශපාලන මැදිහත්වීම්වලින් තොරව කටයුතු කිරීම සඳහා නිලධාරීන්ට සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ඉඩ සලස්වා දීම මෙහිදී වැදගත් වෙයි. ඩොලර් මිලියන ගණන් වැයවන ප්‍රවර්ධන කාර්ය අවශ්‍ය නැතැයි අපි නොකියමු. එහෙත් සංචාරකයන් තෘප්තිමත් වන ආකාරයට සියලු කටයුතු සිදුවෙයි නම් ඔවුන් තමන්ගේ රටවලට ආපසු ගෙන යන පණිවුඩය මුදල් වැය කෙරෙන මහා විශාල ප්‍රවර්ධන ව්‍යාපාරවලට වඩා වටිනා බව පෙන්වා දීමට කැමැත්තෙමු.

සංචාරක කර්මාන්තයට ආණ්ඩුව මගින් සහන ලබාදීමට ද ක්‍රියාකර තිබේ. එය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින එම කර්මාන්තයට විශාල සහනයක් බව ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. තම සංගමය රජයෙන් ඉල්ලා සිටි සහන සියල්ලම ලැබුණු බවද ඒ මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය. රජයෙන් ලබාදී ඇති සහන සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවීමට විශාල පිටුබලයක් වනු ඇතැයි අපිද බලාපොරොත්තු වෙමු. එහෙත් අප මීට ප්‍රථමයෙන්ද ප්‍රකාශ කළ පරිදි සහන ලබාගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. හැකි හැම පියවරක්ම ගෙන මෙතැනින් ඉදිරියට යා යුතු වෙමු. ඒ සඳහා මහාබි්‍රතාන්‍යය සහ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් විසින් සිදුකරන ලද සංචාරක අනතුරු ඇඟවීම් ලිහිල් කිරීම ආශිර්වාදයක් බවට පෙරළා ගැනීමට ක්‍රියාකරමු.

 



අදහස් (3)

සංචාරක අනතුරු හැඟවීම ලිහිල් කිරීමේ වාසිය නෙළාගනිමු

de silva Wednesday, 12 June 2019 10:09 PM

සංචාරක ඇමතිතුමා දැනට මාස තුනකට විතර පෙර ප්‍රකාශ කලා, යුරෝපයෙන් එන සංචාරකයන්ට පෙර පැවතී ක්‍රමයටම ගුවන්තොටුපලේදී නොමිලේ වීසා නිකුත් කරනවා කියලා, කෝ තවම ඒක සිදු වෙලා නැහැනේ? සංචාරක ව්‍යාපාරේ වැටිලා තිබෙන වෙලාවේ කරුණාකර රජය බොරු පොරොන්දු දෙමින් ඉන්නේ නැතිව මොකක් හරි කරන්න

:       1       19

kujitha Saturday, 15 June 2019 09:43 AM

ගුවන් තොටුපළෙන් එනකොට ඉන්න කාක්කන් ටික අයින් කරලා ඉන්න ඔක්කොටම ඉස්සෙල්ලා...

:       0       28

de silva Monday, 17 June 2019 08:54 AM

ගුවන්තොටුපලේ ඉන්න කාක්කන්ගෙන් වැඩි හරියක් මෙයාට කඩේ යන මෙයාගේ ගෝලයෝ...

:       1       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

රටේ නීතියට පිටුපා වැජඹෙන මන්ත්‍රීවරු
2023 මැයි මස 27 627 3

ව්‍යවස්ථාදායකය යනු නීති සකස් කිරීමට, වෙනස් කිරීමට සහ සම්මත කිරීමට බලය ඇති, සාකච්ඡා කිරීම සඳහා වූ නියෝජිත සභාවකි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය නම් පාර්ල


ආණ්ඩුකාර බලතල අවභාවිතය නවතනු
2023 මැයි මස 26 2180 7

අනුරාධපුරයේ වැව් රක්ෂිතයකට මායිම්ව පිහිටි පර්චස් 80ක ඉඩමක් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ බිරිඳගේ නමට අත්පත් කර ගැනීමේ සිද්ධියක් පසුගිය


පාඩු ලබන රාජ්‍ය ආයතන ජාතික සම්පත් සේ සලකමුද?
2023 මැයි මස 22 471 1

සම්පත් යන්න උදෙසා නිර්වචන බොහෝය. ‘‘මුදල්, ද්‍රව්‍ය, කාර්ය මණ්ඩල හෝ වෙනත් වත්කමක්, යම් පුද්ගලයකු හෝ සංවිධානයක් විසින් කාර්යක්ෂම ලෙස මෙහෙයවනු ලබන විට එය


ප්‍රංශයේ හපන්කම් පෑ ශ්‍රී ලාංකිකයා පසසමු
2023 මැයි මස 20 1528 2

අපට බොහෝ විට අසන්නට දකින්නට ලැබෙනුයේ දුක්මුසු ප්‍රවෘත්ති වේ. මනුෂ්‍යත්වයේ අසරණකම විදහාපාන, මනුෂ්‍යත්වයට නිගාදෙන රට පිළිබඳව කම්පනයක්, වේදනාවක් ජනිත ක


ආගම්වලට අපහාස කිරීම මිනිසා මිනිසාට නිගා කිරීමක්
2023 මැයි මස 19 1412 1

රටේ ආගමික එක්සත් බව සහ සංහිඳියාව අනතුරට ලක්වන අයුරින් ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කළ ප්‍රකාශය හෙළා දකින බවත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර


වෛද්‍යවරුන් පොදි පිටින් විශ්‍රාම ගැන්මට ඉඩදිය යුතුද?
2023 මැයි මස 17 1349 4

ලියාපදිංචි වෛද්‍යවරුන් 350 දෙනකු පමණ ලබන මාසයේදී එකවර විශ්‍රාම යෑමට සූදානම්ව සිටින බවත්, ඒ හේතුවෙන් ග්‍රාමීය රෝහල් 50ක් පමණ වසා දැමීමේ තර්ජනයකට මුහුණ දී


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 122 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 972 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 564 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site