බදු නිවේදන පහකට මුදල් කාරක සභාවේ අනුමැතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බදු හා සම්බන්ධ ගැසට් නිවේදන පහකට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 25 October 2022
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ගැන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියේ රහස්‍යතා වගන්තිය ඉවත් කිරීම සදඟා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹදී අද (25) පැවසීය. 25 October 2022
වෙළෙඳපොළේ ඇති පාන් පිටි පරිභෝජනයට නුසුදුසුයි වෙළෙඳපොළේ ඇති තිරිඟු පිටි පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කොළඹ දී අද (25) පැවසීය. 25 October 2022
වරායට තවත් සභාපතිවරයෙක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර්නාඩ් මහතා පත්කර තිබේ. 25 October 2022
අන්තරේ භික්ෂු කැඳවුම්කරු සිරිධම්ම හිමි ජාතික රෝහලට ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් අද (25) පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. 25 October 2022
ඉන්ධනවලට දාන පෙත්තකට අවසර දී නෑ පෙට්රල්වල ඔක්ටේන් අගය වැඩි කිරීමට සහ ඉන්ධනවල ගෙන්දම් ප්‍රමාණය අඩු කිරීමට පෙති වර්ගයක් ඉන්ධන සමඟ කලවම් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කිසිඳු ආයතනයකට උපදෙස් හෝ අනුමැතිය දී නොමැති බවත් එක්තරා සමාගමක් ‘ඉකෝ ටැබ්ලට්’ නැමැති ඉන්ධනවලට යොදෙන පෙත්තක් ප්‍රවර්ධනය කරමින් ජනතාව නොමඟ යැවීමේ කූට ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 25 October 2022
සම්පා ඕස්ට්‍රේලියානු පිලෙන් ඉවතට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. මේ වන විට කොරෝනා වෛරසය අසාදනය වී සිටින ඕස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා අද තරගය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. 25 October 2022
හෂාන් කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු ධූරයෙන් අස්වෙයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයෙක් වන හෂාන් තිලකරත්න මහතා පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 25 October 2022
ඇඩම් සම්පාට කොරෝනා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (25 වැනිදා) පැවැත්වීමට නියමිතය. 25 October 2022
සුරංගනීට මාළු ගෙනාවා අසමින් මෝදි දීපවාලි සමරයි ඊයේ (24) ඉන්දියාව පුරා දීපවාලී උත්සවය සැමරුම් සිදුවෙද්දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්ථාන දේශ සිමාවේ පිහිටි කාගිල් හමුදාකඳවුරේ සෙබළුන් සමග දීපවාලී උත්සවය සැමරුවේය. 25 October 2022
වට්ස් ඇප් යළි යථා තත්ත්වයට මෙටා සමාගම වට්ස් ඇප් පණිවුඩ සේවාව මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ 25 October 2022
ජාතික පොලිස් කොමිසමේ 4කට විනය පියවර ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සිවුදෙනෙක්ට රාජකාරි පැහැරහැරීම සහ ඊට අනුබලදීම යන චෝදනාව මත විනය පියවර ගෙන ඇතැයි එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 25 October 2022
ඉදිරියේදී බිත්තර හිඟයක්? ඉදිරි උත්සව සමයේදී බිත්තර හිගයක් ඇති විය හැකි බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේය. 25 October 2022
පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් සොයා ගන්න ක්‍රමයක් නෑ මෙරට පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් 10 ට වඩා සිටිහ හැකි නමුත් ඒ කවුරුන්දැයි දැනගැනීමට ක්‍රමවේදයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 25 October 2022
මෙරට සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක් ඖෂධ, භාවිත කිරීමෙන් පසු ඉවත දමන වෛද්‍ය උපාංග හිඟය සහ විදුලි කප්පාදුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවත් ඒ හේතුවෙන් හදිසි මෙන්ම සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති බවත් රතු කුරුස සංවිධානය ඔක්තෝමබර් මාසයේ නිකුත් කළ සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. 25 October 2022
වාලච්චේන දුම්රිය ස්ථානයේ ලක්ෂයක් සොරු ගෙනිහින් වාලච්චේන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් අළෙවියෙන් ලැබුණු රුපියල් ලක්ෂයකට අධික මුදලක් ඊයේ (24) පස්වරුවේ සොරකම් කර ඇතැයි පොලිසියට පැමිණිළි කර තිබේ. 25 October 2022
ආයෝජකයන්ට සියලුම අනුමැති එකම කවුළුවකින් ආයෝජකයන්ට අවශ්‍ය සියලු අනුමැතීන් ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් එකම ස්ථානයකින් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව ශ්‍රී ලංකා ආයෝඡන මණ්ඩලයට උපදෙස් දුන්නේය. 25 October 2022
වෙල්යායක සූර් වෙන්න ගිය දෙදෙනෙක් ලිදකට වැටී මරුට පේදුරුතුඩුව වල්ලිපුරම් ප්‍රදේශයේ පිහිටි වෙල්යායක මත්පැන් සදයක් අතරතුර තරුණයන් දෙදෙනකු වෙල්යායේ තිබුණු ලිදකට වැටී දියේ ගිලී මරුමුවට පත්ව ඇත. 25 October 2022
මාවනැල්ලේදී බස් රථ දෙකක් හැපී 32 ක් රෝහලේ කොළඹ නුවර ප්‍රධාන මර්ගයේ මාවනැල්ල අන්වාරම පල්ලිය ඉදිරිපටදි 25 දා දහවල් 11.30 පමණ පෞද්ගලික බස්රථයක් හා ලංගම බස්රථයක් එකිනෙක ගැටිමෙන් තිස්දෙදෙනකු මාවනැල්ල මූලික රෝහලවෙත ඇතුලත්කර ඇතයි මාවනැල්ල පොලිසිය පැවැසීය. 25 October 2022
ඇමෙරිකානු භාණ්ඩාගාර සහකාර ලේකම් මෙරටට ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් කැප්රොත් මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය. 25 October 2022
ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථාන ඉඩමේ කොටසක් විකුණයි කොළඹ, බොරැල්ලේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ කොටසක් විකුණා එම ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ඉදිරිකිරීමට තීරණය කළ බව ඇන්. ඇම්. පෙරේරා භාරයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (25) පැවසීය. 25 October 2022
ඉන්ධන කෝටාව වැඩි කළත් ත්‍රීරෝද ගාස්තු අඩු කරන්නෑ කිව්.ආර් ක්‍රමවේදය මගින් ත්‍රී රෝද රථ හිමියන්ට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමුවත් ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා තීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා ප්‍රකාශ කළේය. 25 October 2022
විදුලිය ගැන ජාතික සභා අනුකමිටුවෙන් යෝජනාවලියක් රටේ ආර්ථිකය නැංවීම සඳහා විදුලි බල සැපයුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් යුතු ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව යෝජනාවලියක් ඉදිරිපත් කළේය. 25 October 2022
යාලේ යකා නැටූ අයට වසර 3ක් වනෝද්‍යාන තහනම් යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වනසතුන්ට හිංසාවන පරිදි හා අනිසි ලෙස වාහන ධාවනය කළ පුද්ගලයින්ට හා එම වාහනවලට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය. 25 October 2022
දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු අටදහසක් දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට තනතුරු පුරප්පාඩු අට දහසකට අධික ප්‍රමාණයක් පවතින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය ප්‍රකාශ කරයි. 25 October 2022
ඩොල්පින් විනාශය ගැන පරීක්ෂණ ඇරඹෙයි පුත්තලම කල්පිටිය වෙරළ තීරයේ සිදු වන්නේ යැයි කියන සමුද්‍රීය පරිසර හානිය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 25 October 2022
ධීවරයන්ට අනතුරු ඇඟවීමක් උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘සිට්රෑන්ග්’ සුළි කුණාටුවේ බලපෑම නිසා උතුරු බෙංගාල බොක්ක ආශ්රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ කටයුතු කරන ධීවර ප්‍රජාව විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 October 2022
කරස්නාගල ජල ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක ජනතාවට පානීය ජලය සැපයීම පිනිස ඇරඹා ඇති කරස්නාගල ජල ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කොට ඇත. 25 October 2022
යාල කැලේ යකා නැටුම නොවැලැක්වූ නිලධරයන්ගේ සේවය අත්හිටුවයි යාල වනෝද්‍යානයේ අධික වෙිගෙන් වාහන ධාවනය කරමින් ඝෝෂා කරමින් අනිසි ලෙස හැසිරුණ කල්ලියක් නොවැලැක්වූ සංචාරක මඟ පෙන්වන්නන් සහ වන නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇතැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පවසයි. 25 October 2022
තෙවැනි චාල්ස් රජු බ්‍රිතාන්‍ය නව අගමැති පිළිගනී බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂි සුනාක් තෙවැනි චාල්ස් රජු නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිතය. 25 October 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026