IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බදු නිවේදන පහකට මුදල් කාරක සභාවේ අනුමැතිය

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බදු හා සම්බන්ධ ගැසට් නිවේදන පහකට  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය  හිමිවිය.

රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (20) රැස්වූ අවස්ථාවේදී අදාළ ගැසට්පත්‍ර පිළිබද කළ විශ්ලේෂණයකින් අනතුරුව මෙසේ අනුමැතිය ලබා දුන්නේය.

මේ අනුව 2005 අංක 6 පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනත යටතේ නියමය සදහන් 2282/26 දරන ගැසට් පත්‍රය සදහා කාරක සභාවේ අනුමතිය හිමිවිය.  එකතුකළ අගය මත බද්ද (VAT) සියයට  12 දක්වා වැඩි කිරීමට අදාළව මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.

2277/62 දරන අති විශේෂ ගැසට්පත්‍රයේ සදහන් සුරාබදු ආඥා පනත යටතේ නියමයද මෙහිදී සළකා බැලිණ. රා ලීටරයක් වෙනුවෙන් රු 50 ක බද්දක් අයකිරීමට අදාළව මෙම ගැසට් පත්‍රය පනවා තිබූ අතර එම ගැසට් පත්‍රයට‍ද  අනුමතිය හිමිවිය.

අංක 2272/53 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියමය කාරක සභාවේ සළකා බලකා අනුමතිය ලබා දුන්නේය. රත්මලාන ගුවන් තොටුපළේ සිට පිටත්ව යන සෑම තැනැත්තෙකුගෙන්ම අයකරන ගාස්තුව ඇ.ඩො 30 දක්වා අඩුකිරීම ‍සදහා මෙම ගැසට් පත්‍රය පළ කර   ඇත.

මේ අතර 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අංක 2296/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියෝගය මෙහිදී සළකා බැලුණු අතර  2021 ජූනි 30දින පළ කළ අංක 2234/19 ගැසට් පත්‍රයේ නියෝගවල සදහන් මාස 24ක කාලය මාස 36 දක්වා වැඩි කිරීම එහි අරමුණයි. ‍

1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන යටතේ පළ කළ අංක 2296/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියෝගයේ සදහන්ව තිබූ උක්කුටික පෝච්චි (වැසිකිළි පෝච්චි) ආනයනය සදහා තාවකාලික තහනමක් පැනවීම සම්බන්ධයෙන්  කාරක සභාවේ විශේෂ සාකච්ඡාවට ලක්විය. කර්මාන්ත අමාත්‍යාංශයේ  නිර්දේශිත පරිදි  දේශීය නිෂ්පාදන සදහා වෙළදපොළ පුළුල් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත්බව නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

එහෙත්  මෙම භාණ්ඩ ආනයනය සදහා වැයවී ඇති විදේශ විනිමය සාපේක්ෂව අඩු අගයක පවතින බැවින් ද වෙළෙදපොළ මෙම භාණ්ඩ හිගකම මෙන්ම මිල ඉහළවීම සාමාන්‍ය ජනයාට දරාගත නොහැකි බැවින් ද  ආනයන පාලනය කිරීම සුදුසු නොවන බවට කාරක සභාවේදී සාකච්ඡා විය. මේ අනුව මේ පිළිබදව ඉදිරි රැස්වී‍මකදී තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය විය.

මෙම ගැසට්පත්‍ර අනුමතිය සදහා යොමු කිරීම කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාව මෙහිදී කාරක සභාව අදාළ නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

මේ රැස්වීමට අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහුද සහභාගී වූහ.



අදහස් (0)

බදු නිවේදන පහකට මුදල් කාරක සභාවේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site