(අංජුල මහික වීරරත්න)
යාල වනෝද්‍යානයේ අධික වෙිගෙන් වාහන ධාවනය කරමින් ඝෝෂා කරමින් අනිසි ලෙස හැසිරුණ කල්ලියක් නොවැලැක්වූ සංචාරක මඟ පෙන්වන්නන් සහ වන නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇතැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පවසයි.
සේවය අත්හිටුවීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව කී අමාත්‍යාංශ ලේකම්වරිය සංචාරකයන් අතින් වන සතුන්ට පීඩාකාරී හැසිරීමක් වෙි නම් වන නිලධාරීන්ට ඊට මැදිහත්වීමට හෝ ඉහල නිලධාරීන්ට දැනුම් දීමට හැකියාව තිබුනත් මෙම සිද්ධියේ දී ඔවුන් එවැනි කිසිදු පියවරක් ගෙන නැතැයි පැවසුවාය.
වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙම සංචාරක පිරිස සිදු කර තිබෙන්නේ බලවත් විෂමාචාරයක් බැවින් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
අදාළ පිරිස සම්බන්ධයෙන් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට මීට පෙර උපදෙස් දී තිබිණි.
අදාල පිරිස කවර තරාතිරමක අය වුවත් ඔවුන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට ලිපියක් යවන ලෙස ද වන ජීවී අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති පිලි පදින් නැති එවුන්ට උපරිම දඬුවම් දෙන්න.
මෙය සෑම රාජ්‍ය නිලධාරියකුගේම ඇස් ඇරවිය යුතු කාරණාවක්. දේශපාලුවන්ට ඇඹේණියන්ද දූපුතුන්ට රාජ්‍ය සේවය අවභාවිතා කළහොත් රැකියා අහිමිවීමට සමහර විට ජම්පරය ඇඳීමට වුවද සිදුවිය හැක. මෙය මෑත කාලීන සිදුවීම් ඉදිරියට දිග හැරෙන විට පොලීසියටත් අදාලයි.
දැන් නිලදාරින් තමා ඔක්කොටම වැඩි. යකා නටපු එවුන් ජොලියෙ එලියෙ
මේ නොහික්කමුනු අයුරින් හැසිරීම් අහිංසක වනජීවී නිලධාරීන්ට නවත්වන්න පුළුවන්ද? මේ කැකිල්ලේ තීන්දුවට එරෙහිව සමස්ථ රාජ්‍ය සේවයම එකා වන්ව නැගී සිටිය යුතුයි. මේ කාලකන්නි පුත්තුන්ට එරෙහිව ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව රටම දැඩි විමසිල්ලෙන් බලා සිටියි.
මේ උණුසුම පහව යනතෙක් පමණක් මාධ්‍ය මගින් දැඩි තීරණ.... ටිකදවසකින් අහනකොට පිළිතුර වන්නේ මේ පිලිබදව පරීක්ෂණ පවත්වනවා.. අවසන් උනාම දැනුම්දෙන්නම් කියලා.. මේ වාහනවල හැටියට දුපතේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා හිතනවද?
නිලධරීන්ට දඩුවම් දීපු එක ඉතාමත් හොදයි.. ලොක්කො දැක්කම බල්ලෝ වගේ ඇකිලිලා සාමාන්‍ය මිනිස්සු දැක්කම නීතී පොත දික් කරන මේ වගේ රාජ්‍ය නිලධාරීන් ගෙදරම යවන්න ඕනේ.. අනිත් පතෝල නිලධාරීන්ට මේක හොද ආදර්ශයක්.. (කෙරෙනවනම් )
වනජීවී එකේ අයට උපරිම දඬුවම් දීලා, අර දැනුම් තේරුම් නැති අහිංසක කොල්ලො ටික නිදොස් කොට නිදහස් කරමු.
මේ කැකිල්ලේ තීන්දුවට එරෙහිව සමස්ථ රාජ්‍ය සේවයම එකාවන්ව නැගී සිටිය යුතුයි. මේ කාලකන්නි පුත්තුන්ට එරෙහිව ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව රටම දැඩි විමසිල්ලෙන් බලා සිටියි.