ප්‍රදේශ රැසකට වැසි දෙවියෝ යළි වඩිති දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (5) ත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 December 2022
කැලණියේ විදුලි උපකරණ ගබඩාවක මහා ගින්නක් කැලණිය වරාගොඩ ගල්බොරැල්ලේ භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ ඇති වූ ගින්නෙක් පැය කීපයක් තිස්සේ ගිනි නිවන හමුදාව නිවීමට දැඩි වෙහෙසක් ගනී. 05 December 2022
ගොඩගම අනතුරින් දෙදෙනෙක් මරුට ගොඩගම වටරැක ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි . 05 December 2022
අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව නැවතත් අලුත් කරයි සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නැවතත් අලුත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 05 December 2022
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල හන්දිය සහ අලව්ව දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා පද්ධතියේ දෝෂයක් මතුව ඇතැයි වාර්තා වේ. 05 December 2022
පුටින් නිල නිවසේ පඩි පෙළෙන් වැටිලා පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ ’ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත අනාවරණය කර තිබේ. 05 December 2022
ලොකු ලූණු බද්ද පහළට : ටින් මාළු බද්ද ඉහළට ලොකු ලූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කළ බවත් එම බදු සංශෝධනය මේ මස මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි. 04 December 2022
මධ්‍යම කාරක සභා තීරණය විධායක සභාව අනුමත කරයි ආණ්ඩුවේ තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය විධායක සභාව මගින් ද අනුමත කළ බව පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 04 December 2022
ක්‍රිකට්වලට ඇති බලපෑම් ගැන අයි.සී.සී. අවධානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) අවධානයෙන් පසුවන්නේ යැයි දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබේ. 04 December 2022
දිසා පහකට නාය අවදානම් නිවේදන පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 04 December 2022
විදුලිය කපන්නේ නෑ කීවත් කපනවා මේ මස 01 වැනි දින සිට සංචාරක කලාපවල විදුලිය නොකපන බව ප්‍රකාශ කළ ද ගාල්ල කොටුව ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි දිනපතා විදුලිය කපා හරින බව එහි ව්‍යාපාරිකයෝ චෝදනා කරති. 04 December 2022
ඡන්දයක් ප්‍රකාශ කරන්න බාධාවක් නෑ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු නීතිමය බාධාවක් නොමැති හෙයින් මේ සතුය තුළ එම මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපෙක්ෂ ාකරන බව නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි. 04 December 2022
රට තුළ වයිරස් රෝග රැසක් රට තුළ පැතිර යන වයිරස් රෝග හේතුවෙන් දිනකට දරුවන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත කරන බවත් එම රෝගවලින් දරුවන් ආරක්ෂා කිරීමට සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතු බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිලධාරියෙක් පැවසීය. 04 December 2022
පොල්හේන මුහුදේ කිඹුල් බියක් කිඹුලන් දෙදෙනකු මුහුදේ සැරිසැරීම හේතුවෙන් මාතර පොල්හේන මුහුදු තීරයට බැස දිය නෑම නොකරන ලෙස පොලිස් නිලධාරීන් අද උදෑසන සංචාරකයන්ට දැනුම් දුන්නේය. 04 December 2022
ඕස්ට්‍රෙිලියාවේදී ලාංකික කතක මරා දාලා ඕස්ට්‍රේලියාවේ සැන්ඩ්හර්ස්ට් හි පදිංචි 44 වියැති ශ්‍රී ලාංකික තිදරු මවකට ඇගේ නිවස තුළදී තියුණු ආයුදයකින් ඇණ ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. 04 December 2022
2022 තෙවන පාසල්වාරය හෙට සිට රජයේ පාසල්වල මේ වසරේ 2022 තුන්වැනි වාරය හෙට (5) සිට ආරම්භ කෙරේ. තුන්වැනි වාරය හෙට සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 04 December 2022
රස පරීක්ෂිකාවකට එතෙර රස හොඳටම වැටිලා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා විදේශ නිවාඩු ලබා ගොස් ආපසු නොපැමිණීම නිසා රජයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 04 December 2022
ජනපති පොහොට්ටු මන්ත්‍රීන්ට කියූ දේ ගමට ගොස්,ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත. 04 December 2022
ලංවීම කෑලි කඩයි ප්‍රතිව්ව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගමේ අටක් පිහිටුවීමට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුව රජයට නිර්දේශ කර ඇත. 04 December 2022
වෛද්‍යවරියගේ සිරුර නිවසේ වහලයේ එල්ලෙයි පෙරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ සිරුර සිය නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව කඩුගන්නාව පොලිසිය කියයි. 04 December 2022
රට විරුවන්ගේ සල්ලි ගැන මහ බැංකුවෙන් නිවේදනයක් විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් වලට හරවනු ඇතැයි පැතිර යන කටකතා අසත්‍ය බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 04 December 2022
තියුණු අවි සමග හයක් සැකපිට කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් වැල්ලම්පිටිය පොලිස් වසමේ, ගෙවල් 20, කිත්තම්පහුව නිවසක තියුණු ආයුධ අතැතිව රැදී සිටි පුද්ගලයන් පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි, 04 December 2022
සංචාරක ව්‍යාපාරයේ ආදායම් ඉහළට මෙම වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1129.4 ක මුදලක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවල සඳහන් වේ. 04 December 2022
කළුතරට සහ රත්නපුරට නාය අවදානම් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 04 December 2022
වැස්ස තද වෙයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (4) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 December 2022
කිලිනොච්චියේ කොල්ල කල්ලියක් මාට්ටු කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව බිය ගන්වමින්, තියුණු ආයුධවලින් පහර දීම්, නිවාස හා දේපළවලට පහර දී අලාභ හානි සිදුකිරීම් සහ කොල්ල කෑම් ඇතුලු අපරාධ රැසක්ට අවශ්‍ය කර සිටි අපරාධ කල්ලියක 6 දෙනකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 04 December 2022
ගබඩාව කඩා බල්බ් හොරා කාලා වැල්ලම්පිටිය සේදවත්තේ ෙ ගබඩාවක් බිඳ රුපියල් ලක්ෂ 29ක දේපොළ සොරා ගැනීමත් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 04 December 2022
ජනාධිපති නීතිඥ දිවියේ 50 සපුරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි. 04 December 2022
ලොව වටා පාවෙන ‘‘අසමාරා ක්වෙස්ට්‘‘ කොළඹ වරායට ‘‘අසමාරා ක්වෙස්ට්‘‘ නම් මගී ප්‍රවාහන නෞකාවක් කොළඹ වරායට අද සවස සේන්දු විය. 03 December 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026