මහින්දට ගෝඨාට කැනඩාවෙන් සම්බාධක
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් පැවති 1983 සිට 2009 දක්වා කාලයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට සහ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය සම්බාධක පනවන බව කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළාය.