(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා කිසිදු තීරණයකින් තොරව අවසන්වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

රජයට ඉදිරිපත් කළ ද්‍රවිඩ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා පැවසීය.

අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය  දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය සහ  ඉඩම් නිදහස් කිරීම පිළිබඳව  මෙහිදී සාකච්ඡා කෙරුණු බවද ඔහු සඳහන් කළේය.