( පුෂ්පකුමාර ජයරත්න )
මේ රටේ වෘත්තිකයින්ගේ වැටුපෙන් අයකර ගන්නා බදු මුදලට වඩා වැඩි ආදායමක් රටට අහිමි කර ඇති බැඳුම්කර වංචාවෙන් සහ සීනි බදු වංචාවෙන් රජයට ලබාගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ වයඹ පළාත් ශාඛාවේ ලේකම් චමින්ද හේරත් මහතා ප්‍රකාශ කළේය.
රජය විසින් ක්‍රියාත්මක කිරීමට යන නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාජිකයන් රජයට බාර දීම සඳහා දීප ව්‍යාප්තව අත්සන් කරනු ලබන පෙත්සමට කුරුණෑගලදී අත්සන් ලබා ගැනීම සිදු කළ අවස්ථාවේදී ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විදුලි ඉංජිනේරුවරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාජිකයෝ විශාල පිරිසක් මෙම පෙත්සමට අත්සන් තැබූහ. කුරුණෑගල රජපිහිල්ල පාරේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල භූමියේදී මෙම අත්සන් ලබා ගැනීම සිදු කෙරිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විදුලි සේවකයෝ පෙත්සමක් අත්සන් කරති
Lal Wednesday, 11 January 2023 09:17 AM
OT එකත් අඩු කරන්න
සෙනෙවිරත්න Wednesday, 11 January 2023 10:36 AM
මේවා හරියන වැඩ නෙවෙයි..,1977/78 තෙල් පෙත්සමේ ඉඳලා ගව ඝාතන පෙත්සම, කොපමන පෙත්සම් ගහලා ඇද්ද, එකක්වත් හරි ගියාද?
Bamunurachchi Wednesday, 11 January 2023 12:03 PM
බැඳුම් කරයේ වංචාවක් සිදුවී නැත. මනුව හරියට කිය්වාට දීමනාවක් ගෙවීම මහපොලොව උහුලන්නේ නැති වංචාවකි. ජොබ් එක වරදියට කරනවාටද පඩි ගෙවන්නේ? ඒ ගැන ඔහෙලා මොනවද කියන්නේ?