IMG-LOGO

ආශුගේ පෙම්වතියගේ පෙත්සම විසි වෙයි

(නිමන්ති රණසිංහ)

හිටපු ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතාගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය රහස් පොලිසීය විසින් තමන් අත්අඩංගුවට ගනු ලැබුව හොත් ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කළ පුද්ගලික ඇප ඉල්ලීමට ඇප නියම කිරීම සුදුසු නොවේ යැයි තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම අපේක්ෂිත ඇප ඉල්ලීම  ප්‍රතික්ෂේප කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශනයට අදාළව නගා ඇති චෝදනාවන් ඇප ලබාදිය හැකි වැරදි බවට පෙනී යන බවත්, මේ වන විට මෙම සිද්ධියේ විමර්ණය මුල් අවස්ථාවේ නොව අවසන් වීමට නියමිතව ඇති බවත් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ඒ හේතුවෙන් මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලබන බවට ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සදහා අධිකරණයෙන් නිකුත් කළ සිතාසියක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශ්වය වන  ආශු මාරසිංහ මහතා වෙනුවෙන් නිතීඥ චමින්ද අතුකෝරාල මහතා සමග නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

 



අදහස් (1)

ආශුගේ පෙම්වතියගේ පෙත්සම විසි වෙයි

Dhananjaya Wednesday, 11 January 2023 09:22 AM

එතකොට අපේ හිරුනිකර් නංගිට මොකද වෙන්නෙ.

:       1       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site