IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මදුනාගල සංචාරක ව්‍යාපෘතිය සුදු අලියෙක්

(මුදිතා දයානන්ද)

රුහුණු සංචාරක කාර්යංශය මදුනාගල සංචාරක ව්‍යාපෘතිය සඳහා සිදුකළ රුපියල් හාර කෝටි හැට ලක්ෂයකට අධික මුදල නිසිප්‍රයෝජනයක් වී නැතැයි විගණකාධිපති වාර්තාවකින් අනාවරණය වේ.

එම වාර්තාවට අනුව මදුනාගල උණුදිය උල්පත් යොදාගෙන පාද සම්භාහනය කිරිමේ ස්ථානයක් සඳහා රුපියල් 19,79 625ක් වැය කරමින් ඉදිකළ ගොඩනැගිල්ලේ වැඩ අවසන් නොකිරිම නිසා එය එම මුදල් නිසි ප්‍රයෝජනයක් වී නැත.

රුපියල් කෝටි 4,14,52,679ක් වැය කරමින් මදුනාගල සංචාරක කලාපයේ ඉදිකල ආපනශාලාව, විවේකාගාර හා භෝජනාගාරයද භාවිතයට නොගෙන නිෂ්ක්‍රීයව පවතී.

එසේම එම වාර්තාවට අනුව සංචාරක බංගලාව සඳහා රුපියල් 8,37,000ක් වැයකර ලබාදි ඇති විදුලි ජනක යන්ත්‍ර තුනක් අක්‍රියව ඇත. 2007 වසරේදි රුපියල් 13,06,910ක් වැය කරමින් ඉදිකළ ගැමි කඩමණ්ඩිය මේ වන විට නටඹුන් බිමක් බවට පත්ව තිබේ. 27,18,744ක් වැය කරමින් ඉදිකල සංචාරක නිවාසවල සෙවිලි ගහඩු ගැලවි ඒවාද නටඹුන් වෙමින් පවති.

මේ බව සඳහන් වන්නේ දකුණු පළාත් සභාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව 2020 දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවේය.

 



අදහස් (1)

මදුනාගල සංචාරක ව්‍යාපෘතිය සුදු අලියෙක්

sharm warn Wednesday, 11 January 2023 09:14 AM

ආ... ඒක අමුතු දෙයක් තියෙනවද.?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site