(රොමේෂ් මධුෂංක)
කිලිනොච්චිය ධර්මපුරම් කල්ලාරු ප්‍රදේශයේදී සොහොයුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකින් වැඩිමල් සහෝදරයා තියුණු ආයුධයකින් පහරකින් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
සොහොයුරන් කල්ලාරු ප්‍රදේශයේ පදිංචිවී සිටින අතර ඔවුන් දෙදෙනා අතර ජංගම දුරකතනයක් සමබන්ධයෙන් පළමුව බහින්බස්වීමක් ඇතිවී පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් ඇත.
පසුව සොහොයුරන් දෙදෙනා අතර පහරදීගැනීමක් සිදුව ඇති බවටත් එහිදී බලා සොහොයුරා අතින් වැඩිමල් සොහොයුරාට පිහි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි සැකපලකරන අතර එහිදී වැඩිමල් සොහොයුරා එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවටද පොලීසිය පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.