ජනපතිවරණයේ බලය හෙට සිට ජන්ද කොමිසම අතේ
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට (17) සිට බලය පැවරෙන අතර ඉදිරි සති දෙකක කාලය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම්.ඒ. එල්. රත්නායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවැසීය