IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රජරට සරසවියෙන් ඖෂධ සබන් කැටයක්

(අමිල චින්තක ගමගේ)

අනෙකුත් සබන් වලට වඩා ගුණාත්මක භාවයෙන් ඉහළ බව පැවසෙන පෙරුම්කායන් මිශ්‍ර සබන් කැටයක් රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර සම්බන්ධීකරණ කාර්යාලය විසින් එම විශ්ව විද්‍යාලයේ සනාතන සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා එළි දක්වනු ලැබීය.

සැබෑම පෙරුම් ශාක සාරයෙන් යුතුව ටී.එෆ්.එම් අගය සියයට  76 ක  සියයට 80 ක අගයක් පවතින ආකාරයෙන් මෙම නිෂ්පාදනය සිදුකළ බව රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ ආචාර්ය ආශා විජයගුණවර්ධන මහත්මිය සබන් කැටිය හඳුන්වාදීමේ අවස්ථාවේදී පැවසුවාය.සමේ වියළිභාවය අවශ්‍ය පමණට රැකෙන පරිදි මෙම නිෂ්පාදනය සිදු කළ බවද ඇය පැවසුවාය.

ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකයේ ආරම්භක අධ්‍යක්ෂකවරිය වූ මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය විශ්වවිද්‍යාල උපකුලපතිවරිය ලෙස පත්වීමෙන් පසුව මේ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දී ඇත.

මේ සදහා යන නිෂ්පාදන වියදම එල්.බී කාංගර ඖෂධාලය සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් බණ්ඩාර කාංගර මහතා දැරෑ අතර නිෂ්පාදනය කළ මුල්ම සබන් කැටය උප කුලපතිනි මහාචාර්ය සංජීවනය ගිනිගද්දර මහත්මියට මුලින්ම පිරිනැමුවාය.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී දිසානායක මහතා සඳහන් කළේ ආයුර්වේද නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට උතුරු මැද ව්‍යාපාරිකයන්ට මෙය කදිම අවස්ථාවක් වන බවයි.මෙහිදී අදහස් දැක්වූ රට රජරට විශ්ව විද්‍යාලයේ උපකුල පතිනි මහාචාර්ය සංජීවනී ගිනිගත්දර මහත්මිය සඳහන් කළේ ඉදිරියේදී මෙවැනි නිෂ්පාදන ගණනාවක්ම වෙ⁣ළෙඳපොළට නිකුත් කිරීමට රජරට විශ්ව විද්‍යාලය බලාපොරොත්තුවන බවයි.



අදහස් (4)

රජරට සරසවියෙන් ඖෂධ සබන් කැටයක්

තාරාමාලි Tuesday, 16 July 2024 12:38 PM

වැඩේ හොඳයි. හම සුදු වෙන සබන් කැටයක් හැදුවොත් තවත් හොඳයි. දැං ට්‍රෙන්ඩ් එක ඒක. කෝටිපතියෝ වෙන්න පුළුවන් බොහොම ඉක්මණින්. .

:       1       14

Muthu Tuesday, 16 July 2024 12:55 PM

දැන් ඔය වගේ ඒවා කීයක් නම් කෙරුවද...එකක්වත් ආවේ නෑ අපිට කඩෙන් ගන්න පුළුවන් විදියට ...නිකන් පුස් හුලන් නිව්ස් විතරයි...

:       3       17

ජයනාත් Tuesday, 16 July 2024 01:12 PM

රජරට සරසවිය ඉතාමත් හොඳටම තම මෙහෙවර ඉටු කරමින් ඉන්නවා . අපේ සුබ පැතුම් !

:       0       24

සරත් වීරරත්න Tuesday, 16 July 2024 07:20 PM

මේ සබන් කැටයේ මිල කීයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site