IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පෙදෙසේ හයකින් රටටම හාල් දෙන වැඩක් අරඹයි

 

(අංජුල මහික වීරරත්න)

මෙරටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බල ප්‍රදේශ  හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ලබන මහ කන්නයේ සිට ඇරැඹීමට යයි.

ඒ අනුව දැනට වැඩිම වී අස්වැන්නක් ලබා දෙන අනුරාධපුර, හම්බන්තොට, පොළොන්නරුව, මහනුවර, අම්පාර හා මොණරාගල කෘෂිකාර්මික බල ප්‍රදේශවල  කුඹුරු ආශ්‍රිතව වැඩිම අස්වැන්නක් ලබා ගැනිමේ වැඩ පිළිවෙළ ආරම්භ කිරීමට නියමිතය.

වගා කන්න හයකදි  වී නිෂ්පාදනය දෙගුණයක් දක්වා වැඩි කිරීම මෙම වැඩ පිළිවෙලෙහි අරමුණ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දැනට රටේ වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.4කි. 2024 සමස්ත ජාතික වී අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 4.1කි. 2023 වර්ෂයේ දී වී මෙට්‍රික් ටොන් මිලියන 4.5ක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ඇත. ඒ අනුව මේ වනවිට අපේ රටේ ජාතික අවශ්‍යතාවයට වඩා වී නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



අදහස් (2)

පෙදෙසේ හයකින් රටටම හාල් දෙන වැඩක් අරඹයි

Karunajeewa Tuesday, 16 July 2024 10:29 AM

ඡන්දේ ලංවෙන විට ගොඩක් දේවල් කරන්න පටන් ගන්නවා යයි කියා, බොරුවෙන් බලය අරගෙන වැඩ කරන්න මුදල් නැහැ කියලා රටින් හාල් ගෙනවිත් මුදලාලිලා පෝෂණය කරනවා..මෙදාපාර ඔය ඡන්ද ගුණ්ඩු වලට අහුවෙන්නේ නැහැ ..

:       1       4

පැරකුම් Tuesday, 16 July 2024 12:18 PM

දැනටමත් සහලින් ස්වයංපෝෂිත නම් අතිරික්තයට කුමක් කරන්නද ? අපනයනයට හැකියාව තිබේද ? වෙළදපොල මිල කඩාවැටී ගොවියා අනාථ නොවේද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site