IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එතෙර සිසුන්ට උපාධි දෙන්න ආයතන 26කට වරම්

(අංජුල මහික වීරරත්න)

උපාධි පිරිනැමීමේ ආයතන වෙත විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්ව විද්‍යාල 17හි විදේශීය ශිෂ්‍යයින් සඳහා 5%ක ප්‍රතිශතයක් මේ වන විට වාර්ෂිකව වෙන් කරනු ලැබේ.

 ඊට අමතරව, විශ්වවිද්‍යාල පනතේ 25(4) වගන්තිය මඟින් පිළිගෙන ඇති උපාධි පිරිනැමීමේ ආයතන 26 සඳහා ද විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම මඟින්, ශ්‍රී ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අරමුණ ඉටු කර ගත හැකි බව හඳුනාගනු ලැබ ඇතැයි රජය පවසයි . 

නමුත් එක් එක් රටවල් විසින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සලකා බලනු ලබන පිළිගත් අවම සුදුසුකම්, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පනතේ 25(4) වගන්තිය යටතේ පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතනයක යම් උපාධියක් සඳහා ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකමක් වශයෙන් අනුකූල කර ගැනීමට ඇති හැකියාව නිර්ණය කර ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් නොමැති බව නිරීක්ෂණය වේ. 

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193හි විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා භාවිත කරන අවම සුදුසුකම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනතේ 25(අ) වගන්තිය යටතේ පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතන මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීමේ අවම සුදුසුකම ලෙස සැලකීමටත්, එකී සුදුසුකම් මඟින් අනාවරණය නොවන ව්‍යතිරේක අවස්ථා සඳහා UK NARIC ආයතනය වෙතින් සනාථ කර ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත්  කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.



අදහස් (0)

එතෙර සිසුන්ට උපාධි දෙන්න ආයතන 26කට වරම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site