IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් අඩු කළ හැකියි

                                     

(අංජුල මහික වීරරත්න)

විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ  ඇති භාණ්ඩ හා සේවා ගාස්තු  20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය. 

විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන  භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද  අමාත්‍යවරයා පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

නව විදුලි සංශෝධනයෙන් වැඩිම සහනයක්  ලැබී තිබෙන්නේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන  ජනතාවට බවද අමාත්‍යවරයා කීය.

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (4)

භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් අඩු කළ හැකියි

පිටිගල මිලානෝ Tuesday, 16 July 2024 06:06 PM

නරකද ඡන්දේ තියෙන දිනේ වෙනකල් භාණ්ඩාගාරේම බෙදලා දැම්මා නම්…? මේ මිනිස්සු පරදින බව දැනගෙන මේ රටේ ආර්ථිකය කාබාසිනියා කරනවා. අළුත් ආණ්ඩුවකින් මේ අයට නඩු දාන්න ඕනේ...

:       0       0

shantha Wednesday, 17 July 2024 01:04 AM

උද්දච්ච මෝඩයෝ, දැන් ඉතින් උඹලාගේ කාලය ඉවරයි. දැන් ඉතින් හිරේ යන්න ලැහැස්තිවෙයන් ළඟදීම.

:       0       3

අරවින්ද මොනරවිල Wednesday, 17 July 2024 08:31 AM

තමන් කියන්නේ මොනවද කරන්නේ මොනවද කියලා නොදන්න දේශපාලන හාල් කෑල්ලක් මේ. විදුලි ගාස්තු වැඩි කරන විට ඔය මුකුත් කතා නැහැ පුරාජේරු කතා කිය කියා ඒවා කෙරවා. දැන් චන්දයට මුහුණ දෙන්න බැරි උනාම බොරු බයිලා ගහලා රට අන්දන්න හදනවා.

:       0       4

kotiya Thursday, 18 July 2024 12:12 AM

ඉතින් බං, විදුලි බිල අඩු කල එකෙන් වාසි ලැබුනේ ඒකක 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයටනම් ව්‍යාපාර කරන මිනිස්සු බඩු මිල අඩුකරන්නේ උන්ගේ සැට් එක උගසට තියලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site