
(අංජුල මහික වීරරත්න)
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව Youth vision 2048 සංවිධානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහත්වරු මීට සහභාගී වූහ.
රුවන් විජයවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් අනාගත පරපුරේ ක්‍රීඩා කෞෂල්‍ය ඔප් නැංවීම වෙනුවෙන් දායක වූ සියලුදෙනාට ප්‍රශංසාව පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Youth vision 2048- 2048. මරු ආතර් සී මහත්තය හිටියනම් තව කතාවක් ලියයි
දෙන තරමක් ගන්න. ඕව දෙන්නෙත් අපේ සල්ලි වලින්, හැබැයි චන්දෙ නම් දෙන්න එපා. අවුරුදු 76 අපිව රැවට්ටුවේ ඔහොම තමයි.