IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පිළිම පොළොවේ ගසා ටික්ටොක් දැමූ තරුණයාට වැඩ වරදී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බුදු දහමට නිගා වන ආකාරයට බුදු පිළිමයක්ල දේව රූප දෙකක් සහ දේව රූප සහිත ඡායාරූප කිහිපයක් පොළොවේ  ගසා ඒවායේ දර්ශන ටික්ටොක්  සමාජ මාධ්‍ය ඔස්සේ  ප්‍රචාරය කළේ යැයි කියන තරුණයෙක්  අඹන්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත් අඩංගුවට ගැනුණ කරුණයා  අඹන්පොළ සමගි මාවතේ පදිංචිකරුවකු වන අතර තරුණයාගේ පියාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබා ගත් අවස්ථාවේ තම පුතා මාස දෙකක කාලයක් තිස්සේ සිට  කිසියම්  රෝගී තත්ත්වයකින් පෙළෙන බව පැවැසීයැයි පොලිසිය සඳහන් කරයි.

බුදු පිළිමයට අමතරව ගම්භාර දෙවිවරයකුගේ සහ සිද්ධ සූනියම් දෙවිවරයකුගේ ප්‍රතිමා මෙසේ පොළොවේ ගසා විනාශ කර තිබෙන බව ද කියති.



අදහස් (10)

පිළිම පොළොවේ ගසා ටික්ටොක් දැමූ තරුණයාට වැඩ වරදී

Nimesh Tuesday, 16 July 2024 07:12 PM

මොන නීතියක් යටතේ ද දන්නේ නැහැ... අත්අඩංගුවට ගත්තේ? අරාබියේ වගේ නීති දැන් ලංකාවෙත් තියනවාද?

:       12       11

විමර්ශනී Tuesday, 16 July 2024 07:28 PM

මාස දෙකක සිට අසනීපයෙන් හිටියා නම් ඔහුට ප්‍රතිකාරයක් නොකළේ ඔය පිළිම විනාශ කරන්න උපක්‍රමයක් හැටියටද කියලා පරීක්ෂා කර බලන්න. මෙහි එහෙම සැලසුමක් ඇති කියලා පියාගේ ප්‍රකාශය අනුව හිතෙනවා...

:       4       6

Achini Tuesday, 16 July 2024 07:38 PM

මැතිවරණ කාලය තුළ එය සිදු වේ

:       2       7

සෙනෙවිරත්න Tuesday, 16 July 2024 08:39 PM

ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් හදපු මූර්ති වලට තියෙන බලය බලන්නකෝ

:       9       12

AI දෙයියෝ Tuesday, 16 July 2024 08:50 PM

පුලුවන් නම් රෝගී පුතාට කියන්න වෙන ආගමික පොතක් පොළවෙ ගහල පෙන්නන්න කියන්න .ලෙඩේ සනීප වෙන්න පොළව යටට යන්න පුලුවන් .

:       6       13

Amara Tuesday, 16 July 2024 09:42 PM

ගෙදර රටඉඳිගස් ඉන්දන්න හිතෙනවද කියල බලන්න

:       5       10

ලුම්බිණි Wednesday, 17 July 2024 07:41 AM

දැන් පිස්සොත් අත්අඩංගුවට ගන්නවද?

:       5       8

Bamunuarachchi Wednesday, 17 July 2024 10:55 AM

අත් අඩංගුවට පත්වෙයි කියලා දැනගත්ගතාම නිකන්ම පිස්සෝ වෙනවා. මුන් පිස්සෝ වෙලා කුරානය ගිනි තියන්නේ නැහැ. ජේසුස්ගේ පිළිම පොළොවේ ගහන්නේ නැහැ .බෞද්ධ පිළිම විතරයි. මොකක්ද ඒ පිස්සුව. ඒ පිස්සු අපිට හොඳ කරන්න පුළුවන් පොලිසිය අහක බලාගන්නවා නම්.

:       7       15

nimal Wednesday, 17 July 2024 08:31 AM

මැටි කට්ටක් පොලවේ ගැසීමටත් බැරි රටක් ද මේක

:       15       12

තුෂාර Friday, 19 July 2024 10:40 PM

මේක ස්කිසෝෆීනියා නම් මානසික රෝගී තත්වයක්... මානසික රෝග සම්බන්ධ ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ඕනේ ඔය ලෙඩේ හැදෙන්නේ මොලයේ රසායනික අසමතුලිතතාවය නිසා මේ ලෙඩේ හැදුණාම, ඉර හඳ, මේ ලෝකය පාලනය කරන්නේ තමන් කියලා හිතෙනවා. පංච ඉන්ද්‍රියටම සාමාන්‍ය මනුෂ්‍යයින්ට දැනෙන්නේ නැති දේවල් දැනෙනවා. ඒක මේ ලෙඩේ හැටි, අපේ රටේ සියලුම දේවාලවල මායම් වෙන අයට තියෙන්නෙත් මේ රෝග කාණ්ඩය, අවලෝකිතේෂ්වර මතකද එයාටත් මේ ලෙඩේ, ඔබ මම අපි කාට මේ ලෙඩේ හැදුණත් ඔහොම වෙනවා. මානසික ලෙඩේට නම් අනුකම්පා කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site