(අංජුල මහික වීරරත්න)
අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ දඩ මුදල් වැඩි කිරීමේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් දඩ මුදල් වර්තමාන මුදල් අගය මත පදනම්ව වැඩි කිරීමට හැකි වන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස 2023-11-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධිත පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඩ වැඩි වෙයි
අරවින්ද මොනරවිල Tuesday, 16 July 2024 03:58 PM
ඡන්දයට විදුලිය, ඉන්ධන හා ගෑස් මිල අඩු කරලා ඒකෙන් ආර්ථිකයට වෙන අවාසිය වහගන්න දඩ මුදල් වැඩි කරන්න උත්සාහ කරන බවක් තමයි පෙනෙන්නේ. ඊට වැඩිය එහා ගිය ආර්ථික දැක්මක් හො වැඩපිළිවෙලක් රනිල් රාජපක්ෂ බංකොලොත් ආණ්ඩුවට නැහැ.
මුදළිහාමි Tuesday, 16 July 2024 04:21 PM
ඔය පනත් හදනකොට මුදලේ අගය වෙනස්වීම අනුව දඩමුදල් වැඩිවෙන ආකාරයට හැදුවා නම් ඔය ප්‍රශ්න මොකුත්ම නැහැ. ඒ නිසා දැන්වත් වරින්වර සංශෝධන ඇතිකිරීමට අවශ්‍ය නොවන ආකාරයට නීති කෙටුම්පත් කළොත් ඉතාමත් හොඳයි... සත්‍ය තත්වයක් නොවුණත් උදාහරණයක් හැටියට ගතහොත් සිළුමිණ පත්‍රය ආරම්භ කාලයේ රුපියල් 3000/= අඩුවෙන් කාරයක් ගන්න හැකියාව තිබිලා තියෙනවා.. ඉතින් ඒ කාලයේ රුපියල් 50/= දඩයක් වුණත් ලොකු මුදලක් තමයි පනතේ නියමිත දඩය රුපියල් 50/= කියලා දැන් කාලයේ නියම කළොත් ගැලපීමක් නැහැ.. ඒ නිසා තමයි මුදල් වටිනාකම වෙනස්වීම අනුව දඩයක් නියම කරන්න හැකියාව ඇතිවෙන ආකාරයට පනත සංශෝධනය වෙනවා නම් හොඳයි කියන්නේ...
Kamal Koyrala Tuesday, 16 July 2024 05:10 PM
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත පමණක් නොවේ සියලුම දඩ මුදල් වැඩි කළ යුතුයි
kotiya Thursday, 18 July 2024 12:04 AM
මොණරවිල වැනි මෝඩ මුදළිහාමි වැනි අය සිටින බව දකින්නට හැකිවීම සැබවින්ම භාග්‍යකි.