IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නාන්න ගිහින් දැදුරු ඔයට බිලි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත දැදුරු ඔයේ මිතුරන් හා බිරිය සමඟ දිය නෑමට ගිය තරුණයකු දියෙ ගිලි මරණයට පත්ව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ හැටන් මවුන්ටන් වත්ත වටවල පදිංචි 20 හැවිරිදි කරුණානිධි  ගෝබිනාත් නැමති හලාවත ප්‍රදේශයෙ තෙල් මෝලක සේවය කරමින් සිටි අයකු බව කියයි.

මෙම තරුණයා හැටන් වටවල සිට හලාවතට පැමිණ එහි මෝල් තෙල් සිදිමේ ව්‍යාපාරීක ස්ථානයක සේවය කර ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.

මෙම තරුණයා සතියකට පෙර හලාවත ප්‍රදේයේ තරුණියක් සමග විවාහ වී ඇති බවද පොලීසිය කියයි.

 



අදහස් (3)

නාන්න ගිහින් දැදුරු ඔයට බිලි

පිටිගල මිලානෝ Tuesday, 16 July 2024 09:19 AM

නාන්න ගිහිල්ලා මිනිස්සු මැරෙන එකම රට ලංකාවයි. මා ජීවත් වන ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයේ ඇති අඩ්ඩා ගගේද වසරක් පාසා බොහෝ ලංකාවේ අය නාන්න ගොස් මැරී ඇත. අපිට ගගේ නාන්න බැරි ඇයි….?

:       0       3

samTuesday, 16 July 2024 01:13 PM

අංක එක, නාන්න යනවා කිව්වාට, නාන්නේ වතුර නොවෙයි, සැර බීම. අංක දෙක, බහුතරයකට පිහිනීමේ හැකියාවක් නැති කම.

:       0       5

ශාන් Tuesday, 16 July 2024 11:30 AM

මම හිතන්නේ අපේ ජනග්‍රහණයෙන් සීමිත පිරිසකට විතරයි පීනන්න පුළුවන්. එයිනුත් මොළේ ඇතිව හැසිරෙන්නේ ඊටත් වඩා සීමිත පිරිසක් විතරයි. (කොයිතරම් වැඩ්ඩෙක් වුණත් සමහර විට ගිලෙනවා මොළේ නැතිකම හෝ බීමත්කම නිසා) මේක පාසල් කුසලතාවලට ඇතුළත් කරන්න තරම් ව්‍යසනයක්. බේරගන්න පුළුවන් ජීවිත මේ වැනසිලා යන්නේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site