නීතිවිරෝධීව මෙරට සිටි ඉන්දියානුවන් 21ක් අත් අඩංගුවට
සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ, ඒවා කල් ඉකුත් වූ පසුත්, නීතිවිරෝධී ලෙස කිරුලපන ප්රදේශයේ නිවෙසක රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත වී සිටි ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ .