පෞද්ගලික අංශයට වැඩි කළ වැටුප දැන් අනිවාර්යෙන් ගෙවිය යුතුයි
පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම පාර්ලිමේන්තු පණතක් ලෙස සම්මත කරන බැවින් සියලු ආයතන එම වැටුප් වැඩිවීම අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බව විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.