IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සයිබර් තර්ජන හඳුනාගන්න පර්යේෂණ ඒකකයක්

(අංජුල මහික වීරරත්න)

සයිබර් තර්ජන හඳුනා ගැනීම සහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්යේෂණ ඒකකයක් (Threat Hunting and Malware Analysis Lab) පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී  ඇත.

ශ්‍රී ලංකා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය, ජාතික දත්ත හුවමාරු කිරීමේ ඩිජිටල් වේදිකාව සහ ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud) වැනි ප්‍රධාන ව්‍යාපෘති සහ අනෙකුත් රාජ්‍ය ආයතන තුළ සිදු වන ඩිජිටල් කරණ ව්‍යාපෘති මඟින් ශ්‍රී ලංකාව සිය ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට අපේක්ෂා කරනු ලබයි.

 එවැනි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම ඉතාමත් වැදගත් අවශ්‍යතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. 

ඒ සඳහා සයිබර් තර්ජන හඳුනා ගැනීම හා ඒවාට සාර්ථකව මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණය කිරීමේ හැකියාව සහ මානව සම්පත් ධාරිතාව ප්‍රවර්ධනය හා සයිබර් පර්යේෂණ සිදු කිරීම අරමුණු කර ගනිමින් පර්යේෂණ ඒකකයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) තුළ පිහිටුවීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත.

 ඒ අනුව, යෝජිත සයිබර් තර්ජන සහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්යේෂණ ඒකකය පිහිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

සයිබර් තර්ජන හඳුනාගන්න පර්යේෂණ ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 356 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site