
(අංජුල මහික වීරරත්න)
ඉදිරි වාරය සඳහා නොරොචෝලේ ලක්විජය විදුලි බලාගාරය වෙත ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025/2026 වාරය සඳහා නොරොචෝලේ ලක්විජය විදුලි බලාගාරයේ ගල් අඟුරු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් මිලියන 2.32 ± 10%ක් (නැව්ගත කිරීම් 39ක්) වන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර තිබේ.
ඒ අනුව, එකී කාල සීමාව සඳහා සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ලංසු කැඳවීම පිණිස බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd