(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ වෘත්තීමය කාර්යයන් නියාමනය කිරීම සඳහා "ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය" නමින් ආයතනයක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදි නව පනතක් හඳුන්වා දීම සම්බන්ධයෙන් 2023-10-23 දින සහ 2025-01-20 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලදී අනුමැතිය ලබා දී තිබේ.
එකී අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දේපොළ සම්බන්ධ වෘත්තිකයන්ට ආයතනයක්